IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන ගැසට් නිවේදනය සඳුදා

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය

මේ අතර බස්නාහිර පළාතේ සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටද කටයුතු කරගෙන යන බව ඇය පැවසුවාය.

 



අදහස් (23)

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන ගැසට් නිවේදනය සඳුදා

මහසෙන් Saturday, 14 August 2021 11:10 AM

මේ ආණ්ඩුව ගහපු ගැසට් වල හැටියටයි විදලා කියන බෙහෙත් වල හැටියටයි, නිරෝධායන නීතී ඒ අයුරින්ම ක්‍රියාත්මක වුණා නම් ඉතින්. කාලයක් පැණි මුට්ටි ගගේ යැව්වා. දැන් ගැසට් ගහනවා. දැන් හරි යයි ඔක්කොම. ගුරා එක තැන කරනවා. ගෝලයෝ දුව දුව කරනවා.

:       4       35

NMSaturday, 14 August 2021 05:47 PM

සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන ගැසට් නිවේදනය වගේ තමා මෙතෙක් නිකුත් කළ සියලු ගැසට් නිවේදන. සංවේදී රජයත්, රටේ ජනතාවාදී ප්‍රධාන විපක්ෂයත්, ඒකාබද්ධ නායකයින් සහ ඒ සඳහා නායකත්වය ලබාදෙන පිරිසත් රටේ සමහර භික්ෂූන් වහන්සේලාත් වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන කණගාටුදායක වාතාවරණයට සහ දිනපතා වැඩිවෙමින් පවතින්නා වූ මරණ සංඛ්‍යවට ඍජුවම සහ වක්‍රව වගකිව යුතු වේ. රටේ ජනතාවට කරකියා ගන්නට දෙයක් නොමැතිව ඉවසීමෙන් බලා සිටින නමුත් ජනතාවට දවසක් එනවා ගැසට් ගැන ප්‍රකාශ කරන්න. එදාට ඔවුන් පක්ෂ ගැන නොසිතා ශ්‍රී ලාංකිකයින් වශයෙන් තීන්දුවක් ගනු ඇත. කෑම බීම, දරුවන්හට කිරිපිටි, රැකියාවල් නොව.., රටට සැබෑ වෙනසක් ඉල්ලා ජනතාව උත්ඝෝෂණය කරන දිනය වැඩි ඇතක නොවනු ඇත. දැනට වසර 10ක පමණ සිට තරුණයින් ඉල්ලා සිටි සැබෑ "වෙනසකට පසුබිම" ඔවුන් විසින්ම මේ වනවිට නිර්මාණය කරමින් සිටියි...

:       1       11

දාස Saturday, 14 August 2021 11:42 AM

මුට්ටි දේවිය නැවතත් කරළියට...

:       3       38

siripala Saturday, 14 August 2021 05:48 PM

කොරෝනා වසංගතය පැතිරෙමින් තිබෙන අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් නොතකා රටපුරා උද්ඝෝෂණ කළ සහ වක්‍රාකාරයෙන් එ් සඳහා සහයෝගය ලබාදුන් සමගි ජනබලවේගය සහ 43 සේනාංකය ඇතුළු සියලු දෙනා මේ වනවිට කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳව සැක මතු කළද මෙවැනි විශාල මරණ සංඛ්‍යාවක් ඇතිවීමට වගකීම රජය සහ ඔවුන් බාරගත යුතුවේ...

:       6       5

Kamal Saturday, 14 August 2021 11:55 AM

එතකොට රජයේ වරද නිසා පළමු මාත්‍රාව විතරක් ලැබිලා දෙවන එක නොලැබුණු අයට මොකද වෙන්නේ...? මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුට දීලා තියෙන ස්පුට්නික් එන්නතේ දෙවන මත්‍රාව කවදාවත් නොලැබෙන තත්වයක් තියෙන්නේ... මේ නීතිය අනුව මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයින් ඇතුලුව බොහෝ දෙනෙකුට සැප්තැම්බර් 15න් පස්සේ එළියට බහින්න බැහැ.

:       2       33

NihalSaturday, 14 August 2021 05:14 PM

පිළිවෙලක් නොමැතිව වැඩ කිරීම නිසා ඇතිවූවක්...

:       1       10

senaSaturday, 14 August 2021 07:28 PM

එතකොට රජයේ වරද නිසා පළමු මාත්‍රාව විතරක් ලැබිලා දෙවන එක නොලැබුණු අයට මොකද වෙන්නේ...? කමල්. පළමු මාත්‍රාව විතරක් ලැබිලා දෙවන මාත්‍රාව නිසි කාලය තුළ නොලැබීම සහ නිසි ප්‍රතිශක්තිකරණයක් නොලැබීම නිසා මිනිසුන් මැරෙන ප්‍රමාණය සහ කිසිඳු මාත්‍රාවක් නොලබා මැරෙන ප්‍රමාණය අතර වෙනසක් නොමැත..

:       1       4

Chandana Saturday, 14 August 2021 12:30 PM

ඕවා කාටද දාන්නේ

:       2       20

දොලේවත්ත Saturday, 14 August 2021 01:21 PM

එක මාත්‍රාවක් හෝ නොලැබුණු ප්‍රදේශ... එසේම හැටට පහළ අයට එක මාත්‍රාවක් ලැබුණු ප්‍රදේශ තිබෙනවා... රටක නීති සම්පාදනය වන්නේ එම සම්පාදනය වන නීතියට අදාළ සියල්ල සැපිරීමෙන් පසුවයි...

:       0       0

sama Saturday, 14 August 2021 01:48 PM

දැන්වත් ඔබතුමිය දන්නේ නැති විෂය කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න නැතිනම් ඉතිහාසයේ වැඩිම මරණ සංඛ්‍යාවකට වගකිව යුතු කෙනා වේවි...!!! 

:       1       9

විජිත් Saturday, 14 August 2021 02:50 PM

දැන් ඔය කතන්දර කියලා වැඩක් නැහැ. ඔබගේ පිස්සු වැඩ, අකාර්යක්ෂම බව සහ සංවිධානය කිරීමේ අසමත්බව නිසාම කොරෝනා රට පුරාම ව්‍යාප්ත වුණා. සෞඛ්‍ය ඇමැතිණිය ලෙස ඒ බව පිළිගන්න. කරුණාකර ඔය නොදන්නා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න. ඔබ ඉල්ලා අස්වුණත්, නැතත් හෙට අනිද්දාම ඔබට වෙනත් අමාත්‍යාංශයක් දීලා සෞඛ්‍ය ඇමතිකමෙන් එළවා දමන්න යන බව මට කවුදෝ කීවා. අපි බලමු...

:       1       12

Sri Lanka Saturday, 14 August 2021 04:10 PM

මොන නීති හැදුවත් කමක් නෑ. ජනතාවට එදාවේල හොයාගන්න ඉඩදීලා. අවුරුදු 30ක යුද්ධය නිම කලේ කෙළින් අපිට ඕනේ තීරණ අරන්... අද තීරණ ගන්නේ... එක එක සංවිධානවලට ඕනෑ විදිහට...

:       5       6

විජිත් Saturday, 14 August 2021 04:29 PM

ආප්ප බානවා වගේ උදේට, හවසට.., උදේ ගහපු ගැසට් එක හවසට අවලංගු කරනවා... පහුවෙනිදාට අලුත් ගැසට් එකක්... ඥානක්කාගේ කෝල් එකෙන් අවලංගු කරන ගැසට්... ඔය ගහපු ගැසට් ඔක්කොම එකතුකරලා " රි සයිකල් " කරලා ටොයිලට් පේපර් හදලා සුද්දන්ට " පස්ස පිහන්න " අපනයනය කළානම් අපිට සෑහෙන විදේශ විනිමයක් හොයාගන්න තිබුණා. මොඩයිනේ, ගැසට් එකක් ගහන්න මහජන මුදල් කොපමණ වියදම් කරනවද..? එය අවලංගු කරන්න කීයක් වියදම් කරනවද...? ජාතියේ කරුමයට උපන් කාලකන්නි...

:       1       16

Wishwa p.Saturday, 14 August 2021 06:52 PM

පිස්සු වැඩ කරන කෙනෙකුගේ අවසන් මළගම සනිටුහන් කරන සොඳුරු අවස්ථාව උදාවෙමින් පවතියි. කකුළුවා හැලියේ දිය රත්වෙනකම් උඩපනිමින් ප්‍රීතිවෙයි. අහෝ අවසානය..!!! 

:       1       15

විපරමා Saturday, 14 August 2021 04:47 PM

ගැසට් ගැහිල්ල නම් ඉවරයක් නැහැ..

:       1       10

ගමේ එකාලා Saturday, 14 August 2021 05:45 PM

ගහපු ගැසට් වල හැටියට වැඩ සිද්ද වුණා නම් රට මේ තරම් ව්‍යයසනයකට පත් වෙන එකක් නැහැ.. ගැසට් ගහනවා හැරුණාම වෙන වැඩක් නැතුවා වගේ...!!!

:       1       10

Kumara Saturday, 14 August 2021 06:26 PM

මේ පාර ගඟට දාන්නේ අපි...? පරමාණුවක්ද?

:       1       7

opathanilandani Saturday, 14 August 2021 08:15 PM

මොඩර්නා එන්නත් දෙවැනි මාත්‍රාව එනක් නුවර ගොඩක් පිරිසක් බලාගෙන ඉන්නවා.. කරුණාකර ඉක්මන් කරන්න.

:       0       0

de silva Saturday, 14 August 2021 09:52 PM

මේ පාර ගඟට දාන්න වෙන්නේ මුට්ටි නොවේ... මළමිනී...

:       0       1

Rata Perata Saturday, 14 August 2021 11:05 PM

මුට්ටි දේවි, තවම අපේ නන්දසේන ගැන හරියට දන්නේ නෑ. සඳුදා නිකුත් කරනවා අඟහරුවාදා රිවස් කරනවා...

:       0       1

Fairoos Sunday, 15 August 2021 12:56 AM

ඔබතුමිය වහාම ඉල්ලා අස්වෙන්න...

:       0       1

sunil Sunday, 15 August 2021 04:42 AM

නීතියෙන් වැරදිකරුවන් ලෙස තීරණය වී දඬුවම් ලබන විට නිදහස් කිරීමෙන් අනතුරුව ලොකු තනතුරකුත් දෙනවා නම් නීති හැදීමෙන් ඇති ඵලය කුමක්ද? කාටද ඔබතුමියගේ නීති? අනික් අතට ගැසට් කළ නීති කීයක් හරියට ක්‍රියාත්මක වුණාද? හොඳම උදාහරණය තමයි අචාර්ය ගුණවර්ධන උන්නැහේගේ ගැසට්. උන්නැහේගේ වචන වලින්ම කියනවා නම් වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ නොවී ආචාර්ය පට්ටමක් ලැබූ බවයි පෙනෙන්නේ...

:       0       0

බණ්ඩා Sunday, 15 August 2021 09:25 AM

ජීවිත බේරාගන්න ඕනේ නම් මේ අපවිත්‍ර, මැටි මෝල් කාරයින් එලවපියව්කෝ...!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 700 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


මිනිරන් ආශ්‍රිත බැටරි නිෂ්පාදනය වාණිජකරණය කිරීමේ තීරණයක්
2025 ජනවාරි මස 19 6 0

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනය සොයාගත් දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ නැ


ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට
2025 ජනවාරි මස 19 139 0

මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වය


උපස්ථායක,සාත්තු සේවක වෙයි
2025 ජනවාරි මස 19 273 0

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 469 0

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 1396 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 372 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 599 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 328 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site