(සිරිනිහාල් ගමගේ)
වඳුරඹ ඉහල ලේල්වල අභය නිවෙසේ වාසය කරන ඇල්බට් අබේවර්ධන මහතා ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී ඡන්දය භාවිතා කළ අයෙකි. මේ වන විට වයස අවුරුදු 105 ක් වන අබේවර්ධන මහතා සියලුම මැතිවරණ වලදී තම බිරිද සමග ජන්දය ලබාදී ඇත.
අබේවර්ධන මහතාගේ බිරිඳ වන ලීලාවතී විජේගුණවර්ධන මාතාව මේ වන විට 95 වැනි වියේ පසුවන්නීය. ඔවුන් දෙදෙනාට දරුවෝ 11දෙනෙක් සිටිති. මුනුපුර ,මිනිපිරියත් හා මීමුනුපුරන්, මීමිනිපිරියන් 100 ක් පමණ සිටිති.
වඳුරඹ ග්‍රාමයේ පැරන්නන් ඇල්බට් මහතා ඇමතූයේ වඩු මහත්තයා යනුවෙනි. වඩු කර්මාන්තය මෙන්ම ගොවිතැන තම ජීවිකාව කරගත් ඇල්බට් අබේවර්ධන මහතා තමන් විසින් වගා කරන ලද සහල් හා එලවලු පලතුරු අහාරය සදහා භාවිතා කර ඇ.ත. තමන් තවමත් ගමේ ගොඩේ හැදෙන දෙයක් ආහාරයට ගන්නා බැවින් මෙන්ම ආගමානුකූලව
ජීවත් වන බැවින් විශේෂිත රෝගාබාධ වලින් තොරව සිටින බවද කියයි.



COMMENTS
මම ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි.
වාසනාවන්. දීර්ඝායුෂ පතනවා ඔබ දෙපළට.
දෙමාපියනි, ඔබ දෙපළට නිරෝගී සුවය දීඝායු වේවා !
තවත් කාලයක් අපේ ආයුෂ අරගෙන ජීවත් වේවා !
ඔබ යුවලට දීර්ඝායු වේවා !
නිදුක් නිදුක් වේවා ! දිර්ඝායු වේවා !
ඔබ දෙපළට දීර්ඝායුෂ !
බුදුසරණයි !
නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දීර්ඝායු වේවා!
දෙමාපියණි, දීර්ඝායුෂ පතමි !
වාසනාවන්ත ඔබ දෙපළටම දීර්ගායු වේවා...! නිදුක‍් වේවා! නීරෝගී වේවා! බුදුසරණයි !
රත්තරන් අම්මේ, තාත්තේ ඔබ දෙපොළට නිරෝගී සම්පත් ලැබේවා !!!! දිර්ඝායු ලැබේවා !!!