IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සියලු ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ කුටියක් අරඹන්න යයි

(විනීතා එම් ගමගේ)

රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archicell) ආරම්භ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණය නිරූපණය වන තැනක් එහි පවා නැති බවත් දෙපාර්තමේන්තුවෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා  ලංකාදීපයට පැවැසීය.

දෙපාර්තමේන්තුවේ ආරම්භය, අතීතය, අතීතයේ සිටි ප්‍රධානින් ගේ සිට කම්කරුවා දක්වා සියලු ‍දෙනාගේ තොරතුරු එම කුටියේ එක් රැස් කරන බව ද හෙ‍තෙම සඳහන් කළේය.
සෑම පුරා විද්‍යා ස්ථානයකම මෙවැනි කුටි ආරම්භ කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී ව්‍යාපෘතිය රටපුරා ගෙන යාම තම අරමුණ බව ද කීය.

විශේෂයෙන් වර්තමානයේ බොහෝ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස් කළ හැකි බැවින් විශාල ඉඩකඩක් මේ සඳහා අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ඇතුළු  සියලු ආයතවල මෙසේ පුරා කුටි ඇරඹීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ විශාල ඉඩකඩක් නොව කුඩා කාමරයක් හෝ කබඩ් එකක් වුව ප්‍රමාණවත් බව යැයි ද මනතුංග මහතා කීය.

අදාල ආයතනයේ ඉතිහාසය සම්බන්ධ දත්ත සහිත පුරා කුටියක් නිර්මාණය කරන ලෙස පාසල්වලට හා රාජ්‍ය ආයතනවලට ලිඛිත ඉල්ලීමක් යවන බව පැවසූ මහාචාර්යවරයා එහි දී අවශ්‍ය උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ල බා දෙන බව ද සඳහන් කළේය.



අදහස් (1)

සියලු ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ කුටියක් අරඹන්න යයි

මල්ලිකා Monday, 11 January 2021 01:15 AM

සමහර කාර්යාලවල පසුගිය කාලයේ එලදායිතාවය වෙනුවෙන් ලිපි ගොනු විනාශකරනවිට කාර්යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තුකළ ලිපිගොනු හා ලොග් සටහන් පොත් ලේඛණාරක්ෂක පණත් පවා උල්ලංඝනය කරමින් විනාශ කරලා තියෙනවා කියන්න පුළුවනි. මගේ අදහස බොරුනම් රත්නපුර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් තොරතුරු ගෙන්වා බලන්න. ඒ ගමන් විමසන්න උපදිසාපති නැත්නම් සහකාර ආණ්ඩුවේ ඒජන්ත කාර්යාල ප්‍රාදේශීය ලේකම්කාර්යාල කලේ කුමන වසරේද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 87 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 884 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site