
(ගයාන් සූරියආරච්චි)
බද්දේගම, හල්පාතොට දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි ‘අම්බලන්ගොඩ කළු නෝනි‘ නැමැති කාන්තාව සහ එම ත්‍රිරෝද රථයේ රියැදුරු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් මෝටර් රථයකින් ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
ඇල්පිටිය කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිලධාරීන් කළ විමර්ශනවලට අනුව සැකකරුවන් බද්දේගම, පෙඩ්ඩෘවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16 ක් සහ මිලිග්‍රෑම් 170 ක්ද පොලිසිය සොයාගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවත්ත, පල්ලේබැද්ද හා හික්කඩුව ප්‍ර දේශවල පදිංචි 22 හා 33 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.
ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සහ මෝටර් රථය පැදවූ රියැදුරු ගමන් ගත් මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු මාර්ගයේ ගමන් කරමින් තිබූ තිරෝද රථයක් හරස්කර මෝටර් රථය නවතා T 56 හය වර්ගයේ ගිනි අවියකින් එම ත්‍රිෙරා්ද රථයට පිට පිට වෙඩි වර්ෂාවක් එල්ල කර තිබූණි.
එම වෙඩි තැබීමෙන් තිරෝද රථයේ රියදුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන ‘කළු නෝනි‘ නැමැති කාන්තාවක් ද එම වෙඩි තැබීමෙන් මියගිය අතර එම කාන්තාවගේ මව ද බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd