(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අද (29) නියෝග කළාය.
අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම කොමිසමට නියම කළාය.
අනර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙදාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළාය.
අනර්ථකාරී වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය .
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර් ජාලය මගින් ලිංගික කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.
ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව, විදුලි සංදේශ නියාමන කොමිසම නියෝජනය කරමින් එහි නීති නිලධාරිනිය අධිකරණයේ පෙනී සිටියාය.
මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන රජිව් රවිනාත් යන අය ඊයේ (29) දින බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔහු මෙම නඩුවේ 31 වන සැකකරු ලෙස නම් කෙරිණි.
බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මුලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සම්පත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය .
මෙම ප්‍රශ්නාර්ථ වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය
මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.
සෑම ඉරු දිනකම උදැසන 09- 12 අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.
COMMENTS
ශ්රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගැනීම ඉතාම වැදගත් වනවා සේම පුද්ගලික හෝ රජයේ TV ආයතන මගින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් වයස 15ට අඩු දරුවන් යොදාගෙන විකාශනය කරන්නාවූ සංගීත වැඩසටහන් නැවැත්වීමටද කටයුතු කළයුතුවේ. දරුවන්ගේ අධ්‍යාපනය පසෙකලා ජනප්‍රිය රැල්ල පසුපස දුවන්නා වූ දෙමපියන් හටද මේ පිළිබඳව අවබෝධයක් ලබාදිය යුතුව ඇත...
ඉතා හොද ක්‍රියාවක්.
මෙය සිදුවිය යුතුව තිබුණේ මීට පෙරය. ප්‍රමාද වී හෝ ගත් පියවර අගනේය. කිසිඳු හැදියාවක්, සංස්කෘතියක් ගැන නොදත් පිරිසක් තම තමන්ගේ නොහැදියාව ප්‍රදර්ශනය කොට රට හා සමාජය වනසන දේ නතර කළ යුතුමයි. ඒ වුණත්, සමාජ මාධ්‍යවල නියැලී සිටින සත්‍ය පෙන්වා දෙන අය දඩයම් කිරීමට මේ බලතල යොදා නොගත යුතුයි.