(තිළිණි ද සිල්වා)
චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අගෝස්තු මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිතව ඇතැයි චීනයේ බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ඒ අනුව අදාළ එන්නත් තොගය අගෝස්තු මස 04 සහ 08 යන දින අතර ශ්‍රී ලංකාවට ගුවනින් රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා එම එන්නත් තොගය වෙන්කරවා ඇති අතර මෙලෙස එකවර ලබා ගත් වැඩිම එන්නත් මාත්‍රා තොගය මෙය වන බවද එම තානාපති කාර්යාලය කියා සිටී.
මේ එන්නත් මාත්‍රා ලක්ෂ 40 ද ඇතුළුව මේ දක්වා ශ්‍රී ලංකාව විසින් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 120 ක් චීනයෙන් මිලදී ගෙන ඇති අතර චීන රජය විසින් තවත් එන්නත මාත්‍රා ලක්ෂ 27 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය මැඩපැවැත්වීමේ මෙම දුෂ්කර ගමනේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීන රජයට සිය කෘතඥතාව පළ කළේය.
මේ හරහා එන්නත් කිරීමේ වැඩසටහන කඩිනමින් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීනයේ තානාපතිවරයා විශ්වාසය පළ කළේය.
එසේම සෞඛ්‍ය සීමාවන්ට යටත්ව සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව විවෘත බවත් ,ඉදිරියේදී තවත් චීන සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 04
530
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සයිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් අගෝස්තුවේ මෙරටට