
(ටී.කේ.ජී.කපිල )
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පවසයි.
චීනයේ බෙයිජිං නුවරින් අලුයම අලුයම 12.15 ට මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් රැගෙන පිටත් වූ , මෙම ගුවන් යානා දෙකෙන් පළමු වැනි ගුවන් යානය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.869 දරන ගුවන් යානය අලුයම 05.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන දෙවන විශේෂ ගුවන් යානයෙන් අනෙක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ත් රැගෙන , චීනයේ බෙයිජිං නුවරින් අලුයම 01.45 ට පිටත් වී ඇති අතර , එම ගුවන් යානය අලුයම 06.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීයේය.
ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි මෙම එන්නත් තොගය , මෙම ගුවන් යානාවලින් ගොඩ බෑ පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගත්තේය . අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන ගියේය.

COMMENTS
අර ලංකාවේ හදන්න පටන් ගත්තා කියන එන්නත් ෆැක්ටරියත්, රනිල්ගේ වොක්ස්වැගන් ෆැක්ටරිය වගේ එකක්ද?