(අංජුල මහීක වීරරත්න)
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත පවරා දී තිබෙන බවත්, නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරනුයේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එම විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.
‘‘ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වුණා.
නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.
වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා.
මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි.
මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා.
ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා. ‘‘
COMMENTS
අපේ නම් සහය තියෙනවා. දැන් සති ගාණක් තිස්සේ. හැබැයි රජයේ කිසිම සහයෝගයක් නෑ. එ්ක නිසා තමයි මෙහෙම ප්‍රශ්න. ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා.
අගමැතිතුමනි, නීති කඩන එක අල්ලන්නත් වෙඩි තියන්නත් ඕනේ තැනදී වෙඩිතියන්නත් බලය හමුදාවට දෙන්න. දෙන්නෙකුට වෙඩි තිබ්බා නම් ඔව්වා නවතිනවා.
පළමුව රිලව් 225ම ඇතුළට දාන්න ඕනේ.. පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටීම, අනියම් ලෙස අහිංසක පුරවැසියන්ගේ ජීවිත විනාශ කිරීමට උදව් කිරීම ඇතුළු දරුණු ගනයේ වැරදි වෙනුවෙන්ම වගකිව යුතුයි.
මැතිදුනි අසනු කරුණක් මම පවසන්නම්... ජනතා පැතුම් සුන් කළ අය පෙන්වන්නම්... නොමඍජු නිවට නොසමත් පාලකයො තරම්.. කවරෙක්ද වෙත්ද මේ රට තුළ නොදනිමි මම්...
හනුමා මේ රට ගිනි තිබ්බෙත් තව එක්කෙනෙක්ගේ හිතේ ගිනි නිවන්න තමයි. ඔහෙලා කරන්නෙත් හනුමා කරපු දේමයි.
තවම තෞහිත් තහනම් කර ගන්න බැරුව තදින් ක්‍රියා කරනවලු.
ත්‍රස්තවාදීන් ලුහුබඳිනවා වගේම සෑම ජාතිවාදී ආගම්වාදී සමිති සමාගමක්ම ලුහු බැඳ නතර කල යුතුයි. ඒ වගේම දේශපාලන ජාතිවාදය, ආගම්වාදයද පාර්ලිමේන්තුව තුල නිහඬ විය යුතුයි ...
ඉතා හොදයි. බොරදියේ මාලු බාන්න මිනිස්සු පොලබවලා රට තවත් වනසන්න කපටි දේශපාලකයින්ට ඉඩදෙන්න එපා. මුස්ලිම් අන්තවාදීන් විතරක් නෙමෙයි සිංහල අන්තවාදීන් දෙමල අන්තවාදීන් ඒ කවුරුත් අතවනන්නෙ විනාශයට
දැන් ඒකද අල්ලන අල්ලන ත්‍රස්තවාදියාටම ඇප දෙන්නේ?
අපේ රටේ ඉන්න බුද්ධිමත්ම නායකයා ලෙස මේ කුමන්ත්‍රණය රට හෙලිකර ඔවුන් හට දඩුවම් උපරිම කරන්න... මේ උතුම් රට රැකදෙන්න
Menik මෙයාට කියනවා මේ උතුම් රට රැකදෙන්නලු. දවසේ හොඳම කියමන. 2004 දී රටේ උතුරු පළාත ප්‍රභාකරන්ට අවුරුදු 10කට දෙන්න ලැහැස්ති වුණු ගොයියට කියනවා රට රැකදෙන්නලු. මෙරට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියන ගොයියන්ට කියනවා රට රැකදෙන්නලු. රට රැකදීලා අවුරුදු 10ක් බෝම්බ සද්ද නැතිව රට පාලනය කරපු අය මොවුන්ට මතක නැත. කිරිබුරුල තිබෙද්දී අඟගෙන් කිරිදොවන්න හදනවා කියන්නේ මේකටයි. මෙවැනි මිනිස්සු ඉන්න රටක අපි ඉපදීමත් අවාසනාවක්...
ආණ්ඩුව කතෝලික සහ ඉස්ලාමීය සුලුතරය රකින්නට අසමත් විය. ඒකයි ඇත්ත...
කරුමක්කාරයා පාරේ යද්දී ඔලුවට හෙනයක් හරි පාත්වෙනවා වගේ අපේ දූරදර්ෂී විචක්ෂණ බුද්ධියකින් හෙබි අසහාය පණ්ඩිතයින්ටත් කුරුමානම් අල්ලලා රවුම් ගණනාවක් කැරකිලා සංගීත පුටුවේ වාඩිවෙන්න හදනකොටම මේ කොහෙද යන ගෝලීය බෝම්බයක් කඩා පාත් වුණා කියහල්ලකෝ... අර බරට බරක් රත්රන් දෙන්න නානගේ කඩෙන් ගත්තේ වතුරේ දාපුව බොරු රත්තරන්වත්ද...?
තදින් ක්‍රියා කරන ආකරය නම් පේනවා. අනේ කරන්න පුලුවන් මනුස්සයෙක්ට ඕක දීලා ගෙදරම යන්න අර ගොයියා එක්කම.
සාමය කඩකරන කට්ටියට තදින් ක්‍රියා කරන්න කියලා උපදෙස් දෙනවා වගේම මුස්ලිම් අන්තවාදය නැති කරන්නත් ඩබල් ගේම් නැතිව, ඡන්ද ගැන කල්පනා කරන්නේ නැතිව, ජාතික ආරක්ෂව ගැන හිතලා කෙලින් වැඩ කරන්න. ඔබතුමා කරලා පෙන්වන කම්ම සත්පහක් වත් විශ්වාසයක් අපට නැත. මොකද එච්චරටම බොරුවෙන් රජකරන සහ මහජාතිය ගැන නොහිතන දෙබිඩි ආණ්ඩුවක් තියෙන්නේ. දැන් මේ රටේ ජීවත් වෙන එකත් අපට තිත්ත වෙලා තියෙන්නේ.
නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේ වැල්ලම්පිටියේ බෝම්බ කාරයන්ට වගේද?
මේකට මුල්වුණේ "නීතිය කඩ කරන්නන්ට සාමය තදින්" සංකල්පය පසුගිය කාලය පුරාවටම ක්‍රියාත්මක වීමයි...
මේ රටේ ඉන්න බුද්ධිමත් නායකයා...? මට හිනා වෙලා වැඩිකමට මූත්‍රාත් පහ වුණා. මේ ඉන්නේ මේ රටේ ඉන්න හොදම 'ඩබල් ගේම් ' කාරයා. බුද්ධිමත්, අවංක, පිරිසිදු යන වචන වලින් මොහු හඳුන්වන්නේ මන්ද බුද්ධික වහලුන් පමණි.