
(නිමල කොඩිතුවක්කු)
ජාත්‍යන්තර වනජීවි දිනය අද (03) දිනයට යෙදී තිබුණු අතර ඊට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කරනු ලැබීය.
ඒ අනුව පරිසරයට මුල් තැන ලබා දෙමින් හරිත ප්‍රතිපත්ති මත පදනම්ව කටයුතු කිරීමට සමගි ජන බලවේගය විසින් ප්‍රතිඥා දෙනු ලැබීය.
මෙයට සමගාමීව ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු ලැබීය.
නියංගොඩ විජිතසිරි මල්වතු අනු අනුනායක හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, ඉන්දියානු මහකොමසාරිස්තුමන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, ආදිවාසීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
පාරිසරික සුරක්ෂිතතාවය සහ වන ජීවි සංරක්ෂණයහි වැදගත්කම පෙරදැරිව කටයුතු කරන බව මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම පිළිබඳ තම පක්ෂයේ සියළුම මහජන නියෝජිතයන්ට අවබෝධය ලබා දීමට කටයුතු කරන බවද ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය.
පොදුජන කේන්ද්‍රීය පරිසරික වැඩපිළිවෙලක් තුළින් හරිත ප්‍රතිපත්ති, හරිත ක්‍රියාදාම කේන්ද්‍ර කරගනිමින් තිරිසර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්....!!! හරිත පක්ෂයක් කියලා නම දමාගත්තාට පාට ඇන්දාට වැඩක් නැහැ. විශේෂයෙන්ම ඔබලා පරිසරවේදීන්, පරිසර කාමීන්, පරිසර සංරක්ෂකයින් සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇතිකර ගත යුතුයි. එය දේශපාලනිකම විය යුතු නැත. පරිසරය ආරක්ෂා කර ගැනීමට තම දිවි නොතකා සටන් කරන අය අපේ රටේ ඉන්නවා. ආසන්නම උදාහරණයක් ලෙස අපේ දේවානි ජයතිලක, චාමිකර, ඉන්දියාවේ ක්‍රිති කරන්ත්...වගේ අය. දේශපාලනය තිබෙන්නටත් " නිවහල් රටක් වගේම පිරුණු පරිසර පද්ධතියක් තිබිය යුතුයි." මේ රට මුහුණපා ඇති පරිසර විනාශය මේ අකාරයටම ගියොත් තව අවුරුදු 5කදී රටේ කැලෑ නැත්තටම නැතිවෙනවා ස්ථිරයි. බුද්ධි හින, දූෂිත, නූගත් දේශපාලුවන්ගේ ඉඳුල් බුදින ඔවුන්ගේ බත් බැලයන් විසින් මේ දිනවල කරන පරිසර පාළුව කොතරම්ද..? මම ඔබලාට මිත්‍රශීලි අභියෝගයක් කරන්න කැමතියි. හැකිනම් ප්‍රකාශයක් කරන්න " ..අපේ රජයක් බලයට පත්වූ වහාම අනවසරයෙන් සහ දේශපාලුවන්ගේ අභිමතය පරිදි දුන් සියලුම කැලෑ ඉඩම් නැවත වනසංරක්ෂණයට පවරා ගන්නවා..." කියලා. මගේ අත්දැකීම් අනුව නම් ඔබලාට එසේ කීමට ශක්තියක් නැත. ඒ ඇයි කියා මේ රටේ සියලුම දේශපාලුවන් දන්නා බව මම දනිමි.
එකඑක ඒවා කරලා බලනවා නේද? මොනවා කරත් වැඩක් නැහැ... නායකයා මාරු කරන්නේ නැතුව...
ඒකවත් කරලා බලමුකෝ.. නේද?
මේකත් මේ ගොල්ලෝ පහුගිය රජය කාලේ අර තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරා වගේ වැඩක් තමයි.
නමින් හරිත පක්ෂයක් වුණාට වැඩක් නැහැ. ක්‍රියාවෙන් නැතිනම්... එහෙම වුණොත් වෙන්නේ බුදුසරණයි කියලා ලොරිය ඉස්සරහ ගහගෙන හොර හරක් මස් අදිනවා වගේ වැඩක්.. පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ, හිතවත්තු කියලා බලන්නේ නැතිව වරදට දඬුවම දීලා පක්ෂයේ සුද්ද කරගෙන ගියොත් ගමනක් යන්න පුළුවන්.. එහෙම නැතිනම් ඉන්න තැනින් එක අඩියක් වත් උඩට යන්නේ නැහැ..
ඔය ඔක්කොම විපක්ෂයේ ඉන්නකොට විතරයි.