
(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 25වැනි සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් අද(03) සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේදී නිකුත්කළේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රාජිත රණසිංහ මහතා සහ එම කාර්ය මණ්ඩලය මෙයට සහභාගී වී සිටියහ.
එහිදී සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට සහ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා වෙත එම සමරු මුද්දරය පිරිනමන ලදී.


COMMENTS