
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම නගරයේ සුපිරි වෙළඳ සැලකින් මිලෙන් අධික කිරිපිටි ටින් සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි
සැකකාර කාන්තාව භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳ සැලට පැමිණ ඇයගේ අත් බෑගයේ කිරි පිටි ටින් සඟවාගෙන අනතුරුව රුපියල් 300ට ආසන්න මුදලකට භාණ්ඩ කිහිපයක් ලබාගෙන මුදල් අයකැමිට මුදල් ගෙවා පිටවීම සඳහා දොරටුව වෙත පැමිණි අවස්ථාවේදී ඒ ආරක්ෂක නිලධාරීන් සහ සේවකයන් විසින් සැකකාර කාන්තාව අල්ලා ගෙන තිබූ බව පොලිසිය කියයි
සැකකාර කාන්තාව සන්තකයේ තිබූ අත් බෑගය පරික්ෂා කිරීමේදී එහි රුපියල් 12,000ක් පමණ වටිනා කිරිපිටි ටින් හයක් සඟවා ගෙන තිබියදී සොයා ගැනීමට හැකි වී තිබූ බව පොලිසිය කියයි
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ගුණසේකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය හොරු අල්ලපු අයට කිවුවා නම් මහ බැංකු හොරු, පැන්ඩෝරා හොරු, අල්ලලා කුදලාගෙන එයි.
මිලෙන් අධික කිව්වේ සීනි ,පොල්තෙල් වංචාව තරම් ලොකු මුදලක්ද ?
රජයේ විද්වත් හා වෙනත් වගකිවයුත්තන් සිදුකළ යුත්තේ,මේ රටේ මිනිසුන් මෙසේ කෑම බීම හොරකමට පුරුදුවෙන්න තරම් සාහසික වී සිටින්නේ ඇයිද යන්නයි. රටේ ඇතැම් දේශපාලකයන් හා සැසඳීමේදී මේවාත් හොරකම්ද ? මේ දෙයින් පෙනී යන්නේ රටේ මොනතරම් ආහාර පාන අහේනියක් තිබේද යන්නයි.හොරකම හොඳ දෙයක් නොවේ.ඒත් මේ හොරකමට දැන් මහා ප්‍රචාරයක් දී මේ කාන්තාවට ඉහළම ආකාරයට දඬුවම් ලැබේවි.ඒත් රට කන ඇතැමුන්ගේ වත්කම් සොයන ක්‍රමවේදයක් තිබුණේ නම්,පරම්පරා ගානකට ඔවුන් ඉතිරිකොට ඇති මුදල් හා දේපළ උපයා ගත්තේ කෙසේදැයි හෙලිවෙනු ඇත.එසේම පැන්ඩෝරා පත්‍රිකා වලට මුදල් ගියහැටි ආදිය ගැන මේ රටේ ජනතාව කල්පනාකොට බලන්නේ නම් මේ හොරකම කූඹියෙකුට ගිය මුත්‍රා ටිකකටත් වඩා කුඩා බව අවබෝධ වෙනවා නොවේද ?
අඩුම තරමේ මේ අහිංසක මහත්මියව සිරගත නොකරයි කියා සිතනවා. අහිසක දරුවන්ගෙන් ලක්ෂ ගණන් මුදල් අරගෙන.. ඩුබායිවල අතරමංකළා. හොර ඒජන්සි කාරයින්ට ඊයේ ඇප ලැබුණා. අපි බලාගෙන ඉමු රටේ නීතිය ගැන...
මෙවැනි දෑ කිරීමට ඇය පෙළඹුනේ ඇයිද සොයා ඈ දෙස සානුකම්පිතව බලන්නට තරම් මිනිසුන් උතුම් ගුණවලින් පිරී නැත. දරුවන්ට බොන්න දෙන්නද නැත්නම් ඒවා විකුණලා දරුවන්ට කන්න මොකුත් ගෙනියන්නද ? ඒවා.විකුණලා කුඩු ගහන්න නම් ඇය වැරදිය. සොරකම සාධාරණය කළ නොහැක. ඒත් මනුස්සකම් ඉස්මතු කරගත හැකි අවස්ථාවකි.
ඔය කාන්තාවට යන්න අැරපල්ලා... ලෝකෙම නැති වෙලා තියෙන වේලාවක් මේක..
අඩුම තරමින් අවුරුදු 10-12ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ලැබිය යුතු වරදක් තමයි කරලා තියෙන්නේ...
ලාංකික ගතිය ඉස්මතු වුන කාන්තාවක්. ලොකු කෙනා පොඩි කෙනා කියල නැහැ. ඔක්කොම හොරු. ඡන්දෙන් එන්නෙත් හොරු. ඡන්දෙ දෙන්නෙත් හොරු. විවේචනය කරන්නෙත් හොරු . මමත් හොරා. ලැබුන අවස්තාව අනුව මමත් සොරකම කරනවා