(විනීතා එම් ගමගේ)
සෞදි අරාබියේ මාධ්‍යවේදියෙකු තුර්කියේ දී ඝාතනය වීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා රජය හෙළා දකින අතර මෙවැනි සිදුවීම් ලෝකයේ කිසිඳු තැනක සිදු නොවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
තම නිල කාලය තුළදී කිසිදු මධ්‍යවේදියෙකු ඝාතනයට ලක්වීම, හිරිහැරයට ලක්වීම හෝ රට හැරයාම පිළිබඳ කිසිදු සිදුවීමක් වාර්තා නොවීම පිළිබඳ සතුටු වන බවත් එය වත්මන් රජය ලැබු සුවිශේෂී ජයග‍්‍රහණයක් බවත් සිරිසේන මහතා කියා සිටියේය.
මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටලූ අභියෝග සහ දුෂ්කරතා පිළිබඳ අවබෝධයක් ඇති බැවින් රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව මෙන් ම පෞද්ගලිකව ද මාධ්‍යවේදින්ගේ වරප‍්‍රසාද සහ අයිතින් සහතික කිරීමට තමා කැපවී සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ මානව අයිතීන් ශක්තිමත් කිරීමට තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පියවර රැසක් ගත් බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර එහි නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ද එවා කි‍්‍රයාත්මක නොවීම පිළිබඳ පවතින ගැටලූව කෙරෙහි තම අවධානය යොමුව තිබෙන බව ද සඳහන් කළේය.
ජනාධිපතවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (26) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හත්වන නියෝජිත සමුළුව සහ ගවේෂණාත්මක වාර්තාකරණය පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝත්සවය අමතමිනි.


2025 දෙසැම්බර් මස 18
598
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනය හෙළා දකිනවා - ජනපති
Nuwan Friday, 26 October 2018 02:01 PM
අනේ කට වහගෙන ඉන්න. මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලංකාවේ මාධ්‍යවේදින්ට ඒවා දකින්නේ නැහැ..
ගගන Friday, 26 October 2018 02:24 PM
අනේ ඉතින් මෙයාගේ විරෝධය... ලෝකෙම දැන් හෙල්ලෙයි, තුක් විතරක් කුජීතයි. ශ්‍රී ලාංකිකයන් වන අපි..! ගෙදර ඉඳන්, හඬ නගා... මේ කුජීත පාලනයට විරෝධය පළකරනබව මේ පත්තරය කියවා දැන ගන්න...
de silva Saturday, 27 October 2018 05:40 AM
නිකන් අහක තිබෙන ප්‍රශ්න ඇඟට දමාගන්න මෙයා හරි දක්ෂයි, සෞදියේදී අපේ දහස් ගණනක් ම්ලේච්ඡ විදිහට මරලා පෙට්ටිවල දමලා එවලා තිබෙනවා. ඒවාට ගත්ත පියවර මොකක්ද?