
(තිළිණි ද සිල්වා)
සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශ කියා සිටී.
ජෙඩා ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ජෙඩා නුවර වැඩබලන ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ටී.එෆ්.එම් ආශික් මහතා පැවසීය.
එම සේවකයා ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ වසර 20කට වැඩිකාලයක් කටයුතු කළ අයෙකු වන අතර ඔහු එරට වෛද්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එම වයිරසය වැළඳී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට ඔවුන්වද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව ජෙඩා නුවර වැඩබලන ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා කියා සිටියේය.
ජෙඩා ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට නිරතුරුවම ලාංකිකයින් විශාල පිරිසක් කොන්සියුලර් සේවා සඳහා පැමිණෙන හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සති දෙකකට එම කාර්යාලය වසා දමා ඇති බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි අරාබියේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සති දෙකකට වහයි