(නිමන්ති රණසිංහ)
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බැවින් තමන් සුදුසු ඇපයක් සහිතව මුදාහරින්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ.
සිද්ධියට අදාළ නඩුව හෙට (20) අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලොකු වීරයා දැන් සුළුදිය පහවී ඇත.
බයවෙන්න එපා මචන්, අපි දෙන්නා කූරු ගැන ගැන ඉම්මු.. ඔයා ආවේ නැතිනම් මම තනියමනේ මචං..
අනේ මචං ඇපගන්නේ නැතුව මගේ තනියට මෙහාට එන්න. අපි දෙන්නට ජොලියේ කූරු ගැනගැන ඉන්න පුළුවන්. ආණ්ඩුව ගානේ නොමිලේ කල්දේරම් බත් ලැබෙනවා... නියමයි.
වරදක් කළා කියලා දන්නවනේ. රටට කළ හරිය අැප දීලා බේරෙන්න බැහැ. රට විනාශ කරන්න ඉපදුණු මිනිස්සු. ඇතුළටම දාන්න තියෙන්නේ...
අපේ ජනාධිපතිතුමත් ඔය දේම තමයි කළේ.. ඊයේ වෙනකම්ම...
බලය තියනකොට මාධ්‍ය හමු වලදී ලොකු කතා කිව්වා... අම්බානක බොරු කිව්වා... සජිත්ට ජනාධිපති අපේක්ශක කම දෙන්න කලින් රනිල් එක්ක එකතු වෙලා සජිත්ට අපහාස කලා... අනිවා කරපු දේවල් වලට කියපු දේවල් වලට මොහු අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය පවා අහොසි කල යුතුමයි... සුදු වෑන් කිබුලන් ගෙනත් අමු අමුවේ බොරු වැඩක් කලා...
හරියට සුදු වෑන් තිබ්බේ නෑ වගෙයි කට්ටියගේ කතාව. එකක ගියා නම් තමයි කාට කාටත් ඇස් ඇරෙන්නේ.
මේ සුදුසු ඇප අර දෙදනාට අරන් දෙන්න බැරිවුනාද?
ඈ සුළු ඇපයක් මත නිදහස් කරන්න. ඒ කියන්නේ දැනටම වරද පිළිඅරගෙන. දෙන්න පුළුවන් ඉහලම දඬුවම දෙන්න. මොකද මෙයා රාජපක්ෂලාට කරන්න පුළුවන් ඉහලම අපහාසය කළා.
කෝ නායකතුමා නැද්ද ගිය ආණ්ඩුවේ හිටපු හොරුන්ට කිරි පොවා පොවා හිටිය මිසක් නීතිය ක්‍රියාත්මක කලේ නැහැ.
බයවෙන්න එපා. ටික දවසකට ඇතුළට ගිහිල්ලා එන්න. අනික් කෙනාත් ටික දවසකින් එළියට දායි. ඇතුළට දැම්මේ නැත්නම් අනික් අයට මොනවද පෙන්නන්නේ ? මේ කාවහරි ඇතුළට දාලා පෙන්නුවෙ නැත්නම් මම කොහොමද ලබන මහ මැතිවරණෙන් මේ අයගෙන් ඡන්ද ටික කඩාගන්නේ කොහොමද? පොඩ්ඩක් හිතන්නකෝ. ඒ අය එකම පන්තියේ මිනිස්සු....
අනුන්ව සුදු වෑන් එකේ යවන්න හදල දැන් තමන්ටම නිල වෑන් (බන්ධනාගාර) මඟ එනවා වගේ. ගිහිල්ලා කල්දේරම් බත් රහ බලලා එන්න.
හොදටෝම බය වෙලා වාගේ................
අත්අඩංගුවට ගන්න කලින්ම අප ඉල්ලනවා... කෝ මේ චතුර, හිනාවෙන්නද? අඬන්නද? මේවට...
රාජිත ඔබ නීතියෙන් වරදකරුවකු වූ විට එයට දෙන දඬුවමට යටත් විය යුතුයි. සදාචාරාත්මකව ඔබ වරදකරුවකු වී බොහෝකල්ය.
අනුන්ට කළදේ තමන්ට පලදේ කියන්නේ බොරුවට නෙවෙයි..
හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා සේ..
මාර රටක මාර නීතියක් මේ රටේ තියෙන්නේ. "අනේ මාව කුඩුවට දමන්න එපා.." " ඉල්ලන ඕන ඇපයක් දෙන්නම් කුඩුවට දාන්න එපා..." " ලඟදි මට විරුද්ධව තිබෙන නඩුවේදී මාව අත් අඩංගුවට ගන්න එපා කියලා කියන්න..." මේ ඔක්කොම කතා.. අපේ රටකාපු නැතිනම් රට කමින් ඉන්න හොර දේශපාලුවන් ගරු උසාවියෙන් කරපු " ඉල්ලීම් "ය. ඒ වගේම උසාවියෙන් ඒ ඉල්ලීමට ඉඩදීපු අවස්ථා ඕනෑතරම් මේ මෑත ඉතිහාසයේත් තියෙනවා. සමහරු දැන් ලොක්කන් වෙලා ඉන්නවා. නමුත් එදා නඩුකාරයා ඉස්සරහා වැඳ වැටිලා "අනේ හාමුදුරුවනේ.. මාව අල්ලන්න එපා කියලා පොලිසියට නියෝගයක් කරන්න." කියපු අය. ඒ වගේම සමහරවිට ටෙලිෆෝන් එකෙන් කිව්වාද දන්නේ නැහැ.." හෙට නඩුවේදී මාව අත්අඩංගුවට ගන්න කියලා තීන්දුවක් දුන්නොත් බලාගෙනයි...හරිද?" කියලා. මේ මොනවත් නියෝග දුප්පත්, අහිංසකයෙකුට උසාවියෙන් නිකුත් නොකරන බවත් කව්රුත් දන්නවා. මේ රටේ තියෙන්නේ මාෆියා වෙනුවන් හදපු නීතියක්ද නැතිනම් සියල්ලන්ටම පොදු නීතියක්ද කියලා වෙලාවකට මට හිතෙනවා. අනේ මන්දා... මේ සිතුවිල්ලම තියෙන තවත් අය ඉන්නවාද...? නැතිනම් මගේ අප්සට් එකක්වත්ද...?
රටට පමනක් නොව ලෝකය හමුවේ රටට ඇතිකර ඇති අපකීර්තියට සරිලන පරිදි මොහුව නීතිය ඉදිරියේ නියමිත දඩුවම් පැමිණිය යුතුය. රට හා ඡාතිය විනාශයෙන් විනාශයට දමන මෙවැන්නුන්ට අනුකම්පා නොකළ යුතැය. ලබන මහමැතිවරණයේ දී ඡනතාව හොද සිහිබුද්දියෙන් හා දැඩි අවදානයෙන් තම ඡන්දය පාවිච්චි කොට රටටත් ඡාතියටත් වඩා වැඩදායි පාලකයන් තෝරා ගනු ඇතැයි මා හදවතින්ම පතමි. ඡයවේවා!
අබ කෑ මිනිහගේ මොලේ දනවලු...
කිඹුලෙකුට කන්න දාන්න...
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.ෙසිංහ වෙස් ගත්තත් නාදෙ බැරියිලු.
දැන් පෙන්වනවා !!! රාජිත සේනාරත්න තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ සිනමා සිත්තම "කිඹුල් කඳුළු"
ඒ කියන්නේ නාහෙ දනවා. අබ කාලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. එක්කෙනෙකුට විතරක් නොවෙයි. සියලු දූෂිත දේශපාලකයින්ට නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි. 88-89 කාලේ යමෙක් මිනිස්සු මැරුවේ නම් ඒකටත් ක්‍රියාත්මක විය යුතුයි.
සාමාන්‍ය මනුස්සයාටත් මේ වගේ අත්අඩංගුවට ගන්නට පෙර ඔය කියන සුදුසු ඇප අදාළයිද? නැතිනම් ඔය වගේ බොරු කියන, හොර වැඩ කරන අයට පමණද?
සුදුසු ඇපය මුදාහරින්න සූදානම්..!!! උණ සන්නිපාතයද? කොත්තමල්ලිත් සූදානම් කරගන්න.
නඩුකාරතුමනි, සුදුසුම ඇපය හැටිය්‍ට පුතාව හරි නෝනව හරි ගන්න. වෙන ඇප වැඩක් නැත.
මේක හොඳ අවස්ථාවක් "අපේක්ෂිත ඇප" පිළිබඳව අධ්‍යයනය කරන්න. මොකද ජනාධිපතිට ලැබුණු වරප්‍රසාද අනිත් අයටත් ඒ විදිහටම ලැබෙන්න ඕනේ.. එකම අධිකරණයනේ..
මේ අය නේද කිව්වේ ඇඩ්‍රස් එක වැලිකඩ කියලා... දැන් ඇඩ්‍රස් නැහැ වගේ...
වැරැද්දක් කළා නම් විඳවන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. නමුත් පාඨලී නම් ඇතුළට ගත්තේ දේශපාලන පළිගැනීමකට... ආණ්ඩුව මොන විදියට සාධාරණීකරණය කරන්න ගියත් වැඩක් වෙන්නේ නැහැ.
රාජිත ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න පුද්ගලයෙක් නොවෙයි.
ජනාධිපතිතුමාට ඇමතුමක් දීලා අහගන්න උසාවි යන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා... එයා ඕක සියපාරක් විතර කලානේ...
"සුදුසු ඇපයක් සහිතව මුදාහරින්නැයි" ලොක්කා බින්දුවටම බැස්සා. දැන් ඉතින් කකුල්දෙක අස්සේ ගහගෙන නිවට විදිහට ඉන්න අල්ලාගෙන ජීප් එකට දාගන්නකන්...