(එස්. ඩී. කොඩිකාර)
මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු අද (19) සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී පැහැරගෙන ගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ දෙව්ලියද්ද පාර, බෙරලපනාතර ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් වන 45 හැවිරිදි දෙදරු පියෙකි.
එම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා පාසලට ඇරලවා නැවත පැමිණෙමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව ඇත.
එම වෑන් රථ දෙකෙහි ඉදිරිපස අංක තහඩු නොමැති බවත්, එයින් එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසට සහ අනෙක් රථය කොටපොල දෙස සිට ඌරු බොක්ක දෙසට ධාවනය වූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.
නගරය අවට සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - ජයන්ත නානයක්කාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා එන්න ඉස්සෙල්ලා සුදු වෑන් ඇවිල්ලා..
එන්න ඉස්සරවෙලාම වැඩේ පටන් අරගෙනද දන්නේ නෑ.
සුදුවෑන්, සුදුවෑන්, කිව්වට අපි සුදුවෑන් දැක්කේ යහපාලන ආණ්ඩුවෙන් රයන් අල්ලන්න ආපු වෙලේ... ඊට පස්සේ මේ සිද්ධිය...
සුදු වෑන්, සුදු වෑන් කියලා කැගහපු අය කෝ දැන්?
ඔන්න බොලේ සුදු වෑන් ළඟළඟම එනවෝ....
අරය එව්වා නම් ඔහොම වෑන් දෙක දෙක එවන්නේ නෑ. එවන්නේ එක වෑන් එකයි. ගේම දුන්නා. ගියා. මේක වෙන කෙනෙකුගේ වැඩක්. ඉස්සරහට සුදු වෑන් එනකොට බලන්න පුළුවන් ඕන් මං කිව්ව දේ බොරුද කියලා...
පිට් පොකට් ගහපු එකාලා දුවන්නේ වෙන එකෙක්ට හොරෙක් හොරෙක් කියලා. කම්බාහොරු අල්ලන්න දුවනවා. සුදුවෑන්, ටයර් සෑයවල්, මිනීමරු කල්ලි, රටට හඳුන්වලා දීපු අය, වෙන අයට සුදුවෑන් කියලා කියනවා. දැන් සජිත් කිව්වේ එයාගේ තාත්තා කරපු වැඩ කරනවා කියලා.. දැන්ම වැඩ පටන් අරන්ද දන්නේ නැහැ එහෙනම්..
ලැම්බෝගිනි, රත්තරන් අශ්වයන්ට අහු වුණු මෝඩ මිනිස්සු මේ සිදුවීමත් GR ට දානවාට මෙන්න කැට..!
සුදුවෑන් සංස්කෘතිය සාදරයෙන් පිළිගනිමු..
ඔය තියෙන්නේ දැන් නෑ කියල කිව්වට. ඔන්න ඉතින් මේකට කියයි මේකත් අරගොල්ලන්ගේ වැඩක් කියලා.
සුදු වෑන්... අාපහු මෙගා නාට්ටිය පටන් ගත්තද? ඔහොම යං.. ඔහොම යං...
හා හා හා මෙයාලත් සුදු වෑන් වලින් නේද වැඩ අල්ලන්නේ ....
යහපාලනයේ හෙළුව, පිටින් මාධ්‍ය ඉස්සරහ මොවුන් හුරතල් වුණාට සැබෑම සුදුවෑන් ඉස්මතු වුනේ යහපාලනේ කාලේ වීම කෙතරම් නම්, අභාග්‍ය සම්පන්නද?
කොල්ලා එන්න ඉස්සෙල්ලා පුරුදුවෙන්නවත් වැඩ පටන් අරගෙනද ?
ගෝඨාගේ කාලේ සුදුවෑන් වලින් උස්සන් ගිහින් මරපු අතුරුදහන් කරපු හැටියට ඕවා මොනවද? එකෙක් දෙන්නෙක් හරි අනේ උස්සන් ගිහින් එලොව යවන්න.. එතකොට ඔය මේ ආණ්ඩුවේ කොන්ද පිළිබඳ ප්රශ්නය හරි විසඳේවි. මොකද මිනිස්සු කැමති චණ්ඩි වගේ නායකයින්ටනේ..
මේවට අපි අහුඋනේ 2015 . දැන් 2019 . අපි දැන් හිතන්නේ රට ගැන මිස 2015 බොරු ගැන නොවෙයි .
යූඑන්පී අවසන් උත්සාහය... ජනතාව මේවට අහුවන්නේ නැහැ.
සුදු වෑන් එවන්න ඇත්තේ ගෝඨලාගේ අලුගෝසුවන් ආණ්ඩුවට තිබෙනවාට වැඩිය මඩ ගාන්න. දැන් ඉන්න අය ඔයවගේ මෝඩවැඩක් කරයි කියලා හිතන්න පුලුවන්ද? අන්තිමට ගෝඨා දින්නොත් සුදු වෑන් සේවය අයිති වෙන්නේ කාටද?
මේවා සාටක නාටක... අපි දන්නේ සුදු වෑන් සංස්කෘතියේ පියා ගෝඨා කියලා පමණයි.