(මුදිතා දයානන්ද)
සතොස ගොඩනැගිලි කුලියට දීමේදී ලංකා සතොසට පමණක් කුලියට දිය යුතු බවට වෙළෙඳ අමාත්‍යංශය සීමා පැනවීම නිසා එහි ගොඩනැගිලි රැසක් කුලියට දීමට නොහැකිව හිස්ව ඇති නිසා එම ආයතනයේ ආදායම පහත වැටී ඇතැයි සේවකයෝ පවසති.
මේ හේතුවෙන් සේවකයන්ට වැටුප් පවා ගෙවීමේ ගැටළුවක් මතුව ඇතැයි ද එම සේවකයෝ කියති.
ලංකා සතොස ආයතනය දැනටමත් රුපියල් කෝටි හතක මුදලක් ගොඩනැගිලි කුලී ගෙවීම පැහැර හැර ඇති බවත් එවැනි ආයතනයකට යළි ගොඩනැගිලි කුලියට දීමෙන් සතොස තව තවත් කඩා වැටෙන බවත් ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගෙන් කළ විමසීමකදී සතොස ගොඩනැගිලි කුලියට දීමේදී රාජ්‍ය ආයතන සහ ලංකා සතොස කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට නියෝගයක් ලබාදී තිබෙනවා. එම ගොඩනැගිලි වෙනත් ආයතනවලට ලබා දෙන්නේ නම් අමාත්‍යවරයාගේ අවසරය ලබාගත යුතු බව කීවාය.
COMMENTS