(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ගෙන් වූ විදේශ රටක නිෂ්පාදිත ‘ආයුර්වේද කැස්ස පැණියක්’ සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළ යුතු පරීක්‍ෂණයකට ආයුර්වේද ශික්‍ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදාගෙන කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
අදාළ කැස්ස පැණිය වෙළඳපලට නිකුත් කිරීමට පෙර කළ යුතු මෙම සායනික පරීක්‍ෂණය 2016 වසරේදී සිදුකර ඇත. එය සිදුකර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරුන් දෙදෙනකු වන අතර ඉන් එක් අයෙකු කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ද කෝප් කමිටුව හමුවේ හෙළි විය.
මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.
මේ බව අනාවරණය වූයේනගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේ, ප‍්‍රධාන ගණකාධිකාරී තුෂාර මහානාම යන මහත්වරුන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරිය ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.
මෙවැනි විදේශයකින් ගෙන් වූ ඖෂධයක් සම්බන්ධ පරීක්‍ෂණයකදී මුලින්ම එය ලබාදිය යුත්තේ සතුන්ට බව කෝප් කමිටුව හමුවේ පෙනී සිටි දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප‍්‍රධානීහු ද පැවසූහ.
එමෙන්ම මෙවැනි පරීක්‍ෂණයක දී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආචාරධර්ම කමිටුවේ නිර්දේශයන් සහිතව කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව මගින් අනුමැතිය ලබා ආයුර්වේද වෛද්‍ය රෝහලින්ද අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම කැස්ස පැණිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය රෝහලේ අනුමැතිය ලබාගෙන නැතැයි ද මෙහිදී සඳහන් විය.
කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්යවරයා එම ආචාර ධර්ම කමිටුව ද නියෝජනය කරන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
එම පරීක්‍ෂණය වෙනුවෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනයට ලැබිය යුතු ආදායමත් ද එම මහාචාර්යවරයාගේ නමින් ගෙන ඇති බව විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ යැයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේය.
‘‘කැස්ස පැණිය” වෙළෙඳ පොලට නිකුත් කරන විට ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් 2018 වසරේ පුවත්පත්වල පල කර ඇති වෙළෙඳ දැන්වීම්වලද ‘දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සදහන් කර තිබෙන බව ද කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සිදුකළ විමසීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරිය සදහන් කළේ 2016 වසරේදී මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත්, තමාට ඒ බව සඳහන් විගණකාධිපති වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත්කළ බවත්ය.
එම කමිටුවේ අවසන් වාර්තාව තවම සකස් වී නැතැයි ද ඇය කීවාය.
දැන්වීම් පළ කිරීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සඳහන් කිරීම සම්බන්ධයෙන් තමා අදාළ සමාගයෙම් විමසීමක් කළ බවත් එය ඉල්ලා අස්කරගන්නා බව ඔවුන් තමාට ලිඛිතව දැනුම්දීමක් කළත් යළිත් නිවැරදි කර පුවත්පත් දැන්වීමක් පළ නොකළ බව ද අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තිරිසනා යොදාගෙන තව දුරටත් පරීක්ෂණ කළ යුතුයි කියන එකය් මගේ අදහස...
හරියට හරි. ඌව යොදාගෙන ඉදිරි පරික්ෂණ කරන්න. අවංක නීතී වේදියෙක් කරුණාකර මේ සඳහා යොදාගත් අසරණ මිනිසුන් සොයාගෙන මේ මහාචාරියාටත්, අනිකාටත් දේශීය වෛද්‍ය ආයතනයටත්, රජයටත් විරුද්ධව වන්දි ඉල්ලා නඩු පැවරීමට ඉදිරිපත් වන්න.
විපක්ෂයේ කට්ටියව... ගන්න තිබුණා අසරණ රෝගීන්ව ගන්නේ නැතිව, මේ කට්ටියට. ණයට කහින ලෙඩක් තියෙනවා.
ලංකාවේ ඉගෙන ගත්ත කියන අයත් කරන්නේ තිරිසන් වැඩ මොවුන්ට ඉහලම දඩුවම් දෙන්න නම් ප්‍රසිද්ධ කරන්න
ඕක චෙක් කරන්න තිබුනේ අර 225 ඉන්ජෙක් කරලා
අනිවාර්යයෙන්ම පිනාචාර්ය්‍ය කෙනෙක් ම විය යුතුය. මෙම පිනාචාර්ය්‍ය පටිටමි තහනමි කලයුතුය.
මෙතරම් භයානක වංචාවක් සිදුවී එය තහවුරු වී තිබ්‍යදී එකී ඖෂධයේ නම ජනතාවට හෙළි නොකිරීම ඊටත් වඩා වංචාවක්! මේ පිළිබඳව ජනතාව වහා දැනගත යුතුය.
මහා ඇදුරා හරි. අපේ අය තිරිසනුන්ටත් අන්තයි. වෙනසක් නැහැ.
හැම කෙනාම තමන්ගේ ආයතනයේ තියෙන වැරදි දැනගන්නේ විගණන වරථාවෙන් විතරයි.... විගනනයෙන් හොයා ගත්තේ නැතිනම් ඉවරයි ... පුදුම වැඩ කරන්නේ.....
කොහොමත් අපිත් දැන් සත්තු ගානට වැටිලා ඉවරයි නේ .. නැතිනම් මේ වගේ ටිකක් රටේ පාලනයට තොර ගන්නවද ?? සත්තුවත් නොකරන තිරිසන් වැඩ කරන එවුන් ට රට භාර දෙනවද ?? පරීක්ෂණයට යොදා ගත්ත නියැදියේ වරදක් මට නම් පේන්නේ නැහැ ..
ආ ! පහුගියකාලේ මේ අයාතනයේ සභාපති අහවල් ඇමතිගේ අහවලා කියලා තිබුනාවගේ මතකයි. මේක අතිජාත පුත්‍රයාගෙන් අහලා බැලුවානම් නියම උත්තරයක් ලැබෙයි.
අපොයි!