IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සණස බැංකු කළමනාකාරිණිය 20 තෙක් රිමාන්ඩ්

(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)  


බලන්ගොඩ මොරහැර උඩවෙල සණස බැංකුවේ තැම්පත්කරුවන්ගේ රුපියල්  කෝටි  15 ක  ආසන්න  මුදලක්  වංචා   කර ඇතැයි   චෝදනා  ලැබ සිටින  එම  බැංකුවේ හිටපු  කළමනාකාරිණිය අගෝස්තු 20 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (7) නියෝග කළේය.
 

මේ අතර  බැංකුවේ තැම්පතු මුදල් සම්බන්දයෙන්   විගණන  වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස  මහෙස්ත්‍රාත් නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත   කරන  ලද්දේ   බලන්ගොඩ  ඇල්ලේපොල ප්‍රදේශයේ  පදිංචි   ඒ.කේ.මංගලිකා චිත්‍රන්ගනි  කරුණාරත්න  නැමැති  48 හැවිරිදි  කාන්තාවකි.

බලන්ගොඩ මොරහැල  උඩවෙල  සණස බැංකුවෙන්  රුපියල්  කෝටි 15කට  ආසන්න  මුදලක්  රැගෙන පලා  ගිය  බව කියන  එහි  හිටපු  කළමනාකාරිණිය  වන ඇය  මාස  8 කට  පසු බලන්ගොඩ පොලිසිය  මගින් ඊයේ (06) සවස  අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සඳහා  පින්නවල පොලිසිය වෙත  බාරදිමෙන්   පසු  ඇයගෙන්  ප්‍රකාශ සටහන්  කර ගෙන  පින්නවල පොලිසිය විසින්  අද (7) බලන්ගොඩ මහෙස්ත්‍රාත්  හමුවට ඉදිරිපත් කිරිමෙන්  පසු  මෙලෙස  රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



අදහස් (0)

සණස බැංකු කළමනාකාරිණිය 20 තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 97 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1046 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site