(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කොන්දේසි සහිත ඇප මත ඔහු මුදාහැරීමට අද (05) නියම කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
රුපියල් ලක්ෂ 05 ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළකාලමින් කොන්දේසියක්ද පැනවීය.
මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා සිදුකළ විමර්ශන වල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයකුද වන විත්තිකරුට එරෙහිව අධි චෝදනා නැඟීමට නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් ඔන්න බලමු .
ලංකාවේ රුපියල් 5000 කට වැඩි වංචාවක් කරල කියල සාධාරණ සැකයක් තිබෙනවා නම් රිමාන්ඩ් කරලා උසාවියට ඉදිරිපත් කරනවා , හරි නම් මේ පුද්ගලයා රිමාන්ඩ් කරලා මේ නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකල කඩිනමින් විසදීමට කටයුතු කල යුතුය .රුපියල් කොටි 44 1/2 කියන්නේ සුළු මුදලක් නොවේ , මේවා මහජන සල්ලි ,නැත්නම් මේ පුද්ගලයා රටින් පැනල යන්න පුළුවන් , ගුවන් ගමන් බලපත්‍ර අත්අඩංගුවට ගත්තට මොහු මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති , මොහුට ගුවන් යානා නැවු පවා තිබෙනවා , එහෙම පුද්ගලයෙකුට රටින් පනින එක ඉතා සුළු දෙයක් .
මෙන්න පට්ට හොරු.