(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පක්ෂයේ නියෝජ්‍ය නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි නොවූහ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (04) පස්වරුවේ පැවැත්විණි.
නාමයෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ රැස්වීමක් පැවැත් වූ බැවින් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා වුණත් කරපු වැඩේ හොඳයි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පක්ෂයේ " හිටපු " නියෝජ්‍ය නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට රෙද්දක් ඇදගෙන යලිත් සිරිකොත මන්දිරයට ඒමට හැකියාවක් තිබේද ? අනෙක මේ සජිත්ගේ කණ්ඩායම නායකයට සහ ලේකම්වරයාට කරන අබුත චෝදනාවලට සිරිකොතට පැමිණ නායකයන්ට මුහුණ දෙන්නේ කෙසේද ?
දිනීම කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ආසනවලින් 30%වත් ගන්න ඕනේ නම් ඔය රනිල්ව යවන්න. රටේ ජනතාවගෙන් 90% රනිල් විරෝධියි.
පක්ෂේ අර්බුදය තවම ඇතුලේ කැලතෙනවා.
ඔවු ඉතින් මේ මිනිස්සු පාරවල් වල, හංදී ගානේ කියන කරන දෙවල් වලට ආයෙත් සිරිකොතට පැමිණ නායකයන්ගේ මූන බලන්න පුලුවන්ද
සජිත් කියන්නේ බලයට කෑදර, වැඩ බැරි උනත් ලොකු සිහින දකින පුද්ගලයෙක් බව දැන් පවතින තත්වය අනුව ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පේනවා ! නිදහසේ පටන් කිහිපවරක් එක්සත්ව, එක්සිත්ව රටට සේවය කරපු එක්සත් ජාතික පක්ෂය එක රැයින් විනාශ කරපු, 2019 ජනාධිපතිවරණය පවා සිල්ලර ලෙස පරාජයවූ "නිකම් නායක සජිත්" ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයේදීත් නියත වශයෙන් කුණු කුඩයට වැටෙනු ඇත.