IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සජිත්ගෙ මැතිවරණ ප්‍රතිපත්තිය විග්නේෂ්වරන්ට සැකලු

(එෆ්.අස්ලම්)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඒකීය රාජ්‍ය යන සංකල්පය භාෂා තුනට පරස්පර අර්ථදැක්වීම් දැක්වෙන හෙයින් එය සැක සහිත යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

Unity යන වචනය ඒකීය භාවය නම් එක්සත් ජාතික පක්ෂයද ඒකීය ජාතික පක්ෂය විය යුතු බවත් එය එසේ නොවී මෙය මෙසේ විය යුත්ත ඇයිදැයි තමාටත් දැඩි ප්‍රශ්නයක් බවත් විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි.

උතුරේ මාධ්‍ය විසින් සතියකට වරක් යොමු කරන සතියේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ බව අවධාරණය කර තිබේ.

2015 ජනාධිපතිවරණයේදී  ප්‍රසිද්ධියේ කිසි සහතිකයකින් තොරව එවක පොදු  අපේක්ෂකයාට ඡන්දය දීල රැවටුණා.මේ වගේ දිගින් දිගටම සිදුවුනොත් දෙමළ ජනතාව තව තවත් රටේ සුළු ජාතිය බවට පත්වෙනවා.තවත් වතාවක් මේ වගේ අප්‍රසිද්ධත්වයකින් යුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුළින් සිදුවන්නේ දෙමළ ජනතාව නැවතත්  රුවටීම විතරයි.

දකුණේ කිසිදු සිංහල ජනපති අපේක්ෂකයෙකු අපේ ඉල්ලීම් 13 පිළිගත්තෙ නැහැ.අපේ පක්ෂ පහ එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න ඉදිරිපත් වුණෙත් නැහැ. නමුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන විතරක් එයාල ඉදිරිපත් කළා.

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභයගේ මැතිවරණ ප්‍රකාශනයෙන් ආර්ථික කාරණා ගැන ප්‍රකාශ කරල තියෙනවා.නමුත් ඒ ප්‍රකාශනයේ ජාතික ගැටළුවට  විසදුම් ගෙන ඒම ගැන කිසිම සඳහනක් නැහැ.

නමුත් සජිත් ප්‍රේමදාසගේ සිය ප්‍රකාශනයෙන්  නොබෙදුන් බෙදිය නොහැකි ශ්‍රීලංකාවක් තුළ උපරිම බලතල විමධ්‍යගත කිරීමක් සහිත විසදුමක් ලබාදෙන බවට ප්‍රතිඥ්ඥා දී තිබෙනවා.

ඊට කලින් 16 වන පිටුවේ මෙසේ සඳහන් වෙලා තියෙනවා.“අපගේ මව්බිමේ ඒකීයත්වයත් භෞමික අඛණ්ඩතාවත් ස්වෛරීභාවය සහ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කරන ශ්‍රීලංකාවක් තුළ උපරිම බලය බෙදාහරින බවට සිංහල ප්‍රකාශනයේ 16 වන පිටුවේ සඳහන් වෙලා තියෙනවා.

ඉංග්‍රීසි බසින් UNITY යන වචනය සිංහල බසින් ඒකීය වශයෙන් භාවිතා කරනවා.එහි නියම ඒකීය භාවය නොව එක්සත් භාවය යන්නයි.ඒ නිසා තමයි යූ.ඇන්.පී ය ඒකීය ජාතික පක්ෂය කියල හඳුන්වන්නෙ නැත්තෙත්.ඒ පක්ශයට කවුරුත් ඒකීය දේශීය පක්ෂය කියල කියන්නෙ නැහැනේ.

නමුත් ඉංග්‍රිසි හා දෙමළ භාෂා ප්‍රකාශන වලින් UNITY කියන එක්සත් බව කියන්නෙ නැතිව ඒකීය භාවය කියන වචනය ඇයි භාවිතා කරන්නේ.

ඒ නිසා සජිත්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරු නැගෙනහිර ජනතාවගේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ද කියල තියෙනවා.

නමුත් දෙමළ ජනතාවගේ මූලික ගැටළුව වන උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,ජාතික ස්වෛරීභාවය සහ ෆෙඩරල් විසදුම ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිවක් සඳහන්ව නැහැ.

ඒකීයභාවය කියන වචනය විතරක් අරන්.එහි අර්ථය අපි දේශපාලන වශයෙන් කුමන  බලපෑමක්,  ඊට කිසිම තැනක් නැහැ කියන එකයි‘‘ යැයිද විග්නේෂ්වරන් මහතා පැවසීය.

 



අදහස් (10)

සජිත්ගෙ මැතිවරණ ප්‍රතිපත්තිය විග්නේෂ්වරන්ට සැකලු

ජනක Monday, 04 November 2019 06:44 PM

ඔබතුමා සාටකයට නෑකම් කියන බව අපි දන්නවා. සාටක වෙනුවෙන් බොරු කියම්න් ජනතාව බිය වැද්දීම නවත්වන්න.

:       0       2

sisira Monday, 04 November 2019 10:07 PM

සැකනම් ඕක කියා කියා ඉන්න දෙයක් නැහැ.

:       0       26

ranjith Monday, 04 November 2019 11:41 PM

ලෝකේ ජාතිවාදය කියන දේ උගත් සමාජයේ නැත. එත් මෙවැනි දේශපාලකයන්ගේ ඒ ගතිය තවම තියෙන හැටි.

:       0       54

Dhammika Perera Monday, 04 November 2019 11:51 PM

මෙතුමා කඩේ යන්නේ කාටද කියලා හොදටම පැහැදිලියි.

:       74       213

නමින්ද Tuesday, 05 November 2019 12:48 AM

මම හිතන්නේ මස්සිනාගේ අදහසක් වෙන්න ඇති කියලයි.

:       172       339

රවින් Tuesday, 05 November 2019 02:10 AM

අන්තවාදී විශ්ලේෂණ එම විශ්ලේෂකයින්ටම තියාගත්තොත් වඩාත් හොඳයි. මෙයා කතා කරන්නේ මුළු ලෝකයාම වැරදියි එයා සහ එයාගේ විශ්ලේෂණ විතරක් හරියි කියන මතයේ ඉඳගෙන. ඔය විදියේ දවල් මිගල් රෑ ඩැනියල් කෙනෙක් දකුණේත් ඉන්නවා. හැබැයි මිනිහා උදේ කියන දේ හවසට වෙනස් කරනවා.

:       0       5

Daas Tuesday, 05 November 2019 03:23 AM

"දෙමළ ජනතාව තව තවත් රටේ සුළු ජාතිය බවට පත්වෙනවා" ඒ කියන්නේ ඔබලාට අවශ්‍ය මහ ජාතිය වීමටද ?

:       0       82

sharm warn Tuesday, 05 November 2019 03:27 AM

මස්සිනාද කියල දුන්නේ?

:       129       49

Nalaka Tuesday, 05 November 2019 03:28 AM

විග්නේශ්වරන් මහතා, නොගැළපෙන අර්ථ නිරූපණයන් පිළිබඳ ගැටළු ඇති වූ විට සිංහලෙහි ලියා ඇති දේ නීතියට පිළිගත හැකිය.

:       0       12

Bamunuarachchi Tuesday, 05 November 2019 03:57 AM

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙනෙකුට මෙයා කියන්නේ කරන්න බැරි දේවල් කියලා හිතන්න බැරිද? කරපු ව්‍යාපෘතිවලට ගෙවාගන්න කෝටි 5000 සල්ලි නැති භාණ්ඩාගාරය සනීපාරක්ෂක පහසුකම් ගන්න සල්ලි හොයන්නේ කොහෙන්ද? ඒවට වෙනම බද්දකුත් ගහාවි.

:       551       300

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30116 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12230 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10897 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 765 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 233 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site