(රංජන් කස්තුරි)

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.

මේ වනවිට කොරෝනා  රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂ, වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  මහතා පැවැසීය.

රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමට ළඟාවී ඇතැයි ද රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම දැඩි අනතුරුදායක තත්වයකැයි ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියයි.