(සුජිත් හේවාජුලිගේ )
පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමා ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් මාලාවක් දුන් බවද යුද හමුදාපතිවරයා කියයි.
මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහනි කරයි.
විශේෂයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් දෙගුණයකින් වැඩිකරන බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපරිම සහාය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
සංචරණ සීමා දාලා පරික්ෂණ කටයුතු කරන්නේ ප්‍රධාන මාර්ග වල විතරයි. නමුත් වාහනයක් නොව ලොරියක් වුවද ගමන් කල හැකි අතුරු මාර්ග රාශියක් තියෙනවා බස්නාහිර පලාත වටේට මෙම අතුරු මාර්ග හරහා ඉතා පහසුවෙන් වයඹට, සබරගමුවට, දකුණට යාහැකිය. එසේම එම පලාත් වලත් මෙවැනිම අතුරු මාර්ග හරහා වෙනත් පලාත් වලට යාහැකිය. ඒ අනුව බලන කල බස්නාහිර පලාතෙන් පිටවිය හැකි ස්ථාන 100කට අධිකව ඇත. නමුත් බස්නාහිර පලාතෙන් පිටවන ස්ථාන 12 හෝ 16 පමණක් වසා තැබීම මගින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මෙවර නාට්‍ය හොදට රගපානවා අවසානයේ ලංකාව කොරෝනා වලින් අංක එකට පත්වෙලා තමයි නතර. වෙන්නේ.
ලෝකයේ කොරෝනා උවදුර හොදින් පාලනය කරගත් රටවල් ආදර්ශයට ගනිමු. නවසීලන්තය, තායිවානය, වියට්නාමය, අයිස්ලන්තය, සිංගප්පූරුව, මෙ රටවල ජනතාව මොනතරම් වාසනාවන්තයිද?
ජනතාව කොරෝනා නීති පිළිපැදීම, ඒ අනුව කටයුතු කිරීම වඩාත් වැදගත්. තමුන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි කියලා කියනවනේ...
මේ සංචරණ සීමා තනිකරම බොරු... පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය අහනවිට මට නම් තේරුණේ වන්දනා, විනෝද හා නෑදෑ ගමන් යන අය හැර අන් කිසිම කෙනෙකුට මෙම සීමා අදාල නොවන බවකි...
තීන්දු තීරණ අවශ්‍ය වෙලාවට ගත යුතුයි. දේශපාලනය නැතුව ජනතාවගේ ආරක්ෂාව ගැන හිතල කටයුතු කරන්න කොන්ද පන තියෙන නායකත්වයක් පේන්න නෑ. හැමෝම තමන්ගේ පුටුව ගැන හිතන්නේ.. ඇස් ඇරෙන්න තව කීදෙනෙක් මැරෙන්න ඕනද?