IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිතා කළොත් වැඩවරදී

(තිළිණි ද සිල්වා)

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන සංචාරක මාර්ගෝපදේශකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යාංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ පලවෙන ලිපි අධ්‍යයන කරමින් මේවනවිට සංචාරකයින් මෙරටට පැමිණෙන බවත්, ඔවුන්ට වංචා නොකරන්නැයි ද සංචාරක අමාත්‍යවරයා සංචාරක මාර්ගෝපදේශකයින්ටද දැනුම් දුන්නේය.

සංචාරක ව්‍යාපාරය ක්‍රමවත් කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයින් සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන යන වැඩපිළිවෙළ හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

යම්හෙයකින් සංචාරකයින්ගේ චෝදනා විමර්ශනය කිරීමේදීසංචාරක හැඳුනුම්පත අවභාවිතා කරන අය හඳුනා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාකියා සිටියේ සංචාරකයන් වෙනුවෙන් උසස් තත්වයේ සේවා සපයන (quality tourism) ක්‍රමයක් සකස් කිරීම සදහා මේ වෙනකොට සංචාරක මාර්ගෝපදේශකයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික තලයේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 1580ක් කොළ පැහැති හැදුනුම්පත යටතේ, රියදුරු සංචාරක මාර්ගෝපදේශකයින් 1336ක් කහ පැහැති හැඳුනුම්පත යටතේද, ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 747ක් දුඹුරු පැහැති හැඳුනුම්පත යටතේද, ස්ථානීය මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 93න් දෙනාට රතු පැහැති හැඳුනුම්පත යටතේ සංචාරක සංවර්ධන අධිකාරි විසින් ලියාපදංචි කර ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය

මෙම හැඳුනුම්පත් වල කිව්.ආර් කෝඩ් එක මඟින් මාර්ගෝපදේශකයා පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව සංචාරකයාට හිමිවන බවත් , විදේශීය සංචාරකයෙක්ට තමන් සමග සිටින මාර්ගෝපදේශකයා පිළිබඳ හොද හෝ නරක සම්බන්ධයෙන් මේ හරහා දැනුවත්වීමට හැකියාව ලැබෙන්නේ යැයිද හෙතෙම කීවේය.

එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමග සංචාරක ව්‍යාපාරය නව ප්‍රවේශයකින් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත් සදහන් කළ සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සංචාරකයන් ගෙන් ලබාගන්නා මුදලට සරිලන සේවයක් සංචාරකයින් වෙනුවෙන් නොලැබුනහොත් රටේ කීර්තිනාමයට හානි වීම අවම කිරීමත් , සංචාරක කර්මාන්තය විධිමත් ලෙසින් පවත්වා ගෙන යාමත් මෙමගින් සිදුවන බවය.



අදහස් (1)

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිතා කළොත් වැඩවරදී

Ranjit Tuesday, 27 July 2021 01:35 PM

අර යුක්රේනයෙන් සංචාරකයින් කණ්ඩායමක් ගෙනැල්ලා දළදා මාලිගාව, දඹුල්ල,සීගිරිය, පොලොන්නරුව, යාල, විල්පත්තුව වගේ තැන් ලංකාවේ අයට තහනම් කරලා තමන්ට ඕනෑ... ඕනෑ හැටියට ඒ ගොල්ලෝ ඒ තැන්වලට එක්කන් ගිහින් ඕනෑ තැනයි, එපා තැනයි හැම තැනම පින්තුර එහෙමත් ගත්තු බලවතාට ඔය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද මහත්තයෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 875 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site