IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට

(තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ)

පසුගිය රජය සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කර ඇති  නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ නැවත විමර්ශනය කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) දැනුම් දෙන ලදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.

රජයේ නීතීඥවරයා මේ බව දැනුම් දුන්නේ සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කර ඇති  නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම් හතක් අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදීය.

එම පෙත්සම්  විජිත් මළල්ගොඩ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු මහත්ම විනිසුරු මඩුල්ල හමුවේ අද (06) කැඳවිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය  අත්සන් කර ඇති එම නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව වත්මන් රජය නැවත විමර්ශනය කිරීමට තීන්දු කර ඇති බවය.

එම නැවත විමර්ශන කටයුතු සඳහා  මේවන විටත්  කමිටුවක්ද පත් කර තිබෙන බවද රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

එම කරුණු සැලකිල්ලට ගත් ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ලබන ජූලි 13 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතු වල ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නීතීපතිවරයාගේ නියම කළේය.

මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අට දෙනෙකු  විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් හී වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ‍්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය.සිය පෙත්සම මගින් පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ එම  නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදින්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවය.

මෙම ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බව ද ඔවූහු පෙන්වා දෙති.මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම ගිවිසුමේ අඩංගු ප‍්‍රතිපාදන මෙරට ස්වෛරීභාවයට මෙන්ම ආර්ථිකයට හා වෘත්තීය කටයුතුවලට දැඩි හානියක් එල්ල කරන බව පෙත්සම්කරුවන් කියා සිටිති.

මේ හේතුවෙන් අදාළ ගිවිසුමේ අන්තර්ගත ප‍්‍රතිපාදන මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර එම ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

නීතීපති වෙනුවෙන් රජයේ නීතිඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.

පෙත්සම් ලබන ජූලි 13 වැනිදා යළි කැඳවේ.



අදහස් (7)

සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට

Champa Thursday, 06 February 2020 01:22 PM

මේ අර ලංකාවට කුණු අරන් එන්න ගහපු ගිවිසුම නේද? බලය නැති කොට අහෝසි කරනවයි කිව්වා. ගිවිසුම් ඔක්කොම දැන් විමර්ශනය කරනවලු. අත්සන් කරනවට කියන අලුත්ම නම විමර්ශනය. කිසි විශ්වාසයක් තියන්න බැහැ දේශපාලකයෝ ගැන. නඩුව දිගටම ගෙනියයි කියලා හිතනවා.

:       14       55

විජිත් Thursday, 06 February 2020 02:52 PM

ආ ඔය එලියට එන්නේ.... හිටපු ආණ්ඩුව ගෙනාව කුණු ගිවිසුම. මෙයාලටත් ඕනා වෙලා වගෙයි...

:       0       41

siri Thursday, 06 February 2020 04:57 PM

දැන් ඉතින් අනිකේ 70 % හොඳයි නේ. මේකේ කීයක් විතර හොඳද දැන් එතකොට ?

:       0       34

athura Friday, 07 February 2020 05:13 AM

බලය ගන්නකන් මොනවා කිව්වත් මේ ආණ්ඩුවත් කරන්නේ පහුගිය ආණ්ඩුව කරපු දේම තමයි. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ ආණ්ඩුව බලය ගන්න කිව්ව දේ එක්ක මේ ආණ්ඩුවට ඔය කියපු කිසි දෙයක් කරන්න නොහැකිවීමයි.

:       3       30

Jason W Friday, 07 February 2020 06:49 AM

ඔය ගිවිසුමට ඉස්සරින් අපරාධකරුවන් හුවමාරු කිරි්මේ ගිවිසුමක් ගහලා මහේන්ද්‍රන් අරගෙන එන්න. නැත්නම් එයා නැතිව හරි නඩු අහලා වරදකරුවන්ට දඬුවම් නියම කරන්න.

:       0       1

sam Friday, 07 February 2020 07:30 AM

රජයේ දේපළ පුද්ගලික අංශයට විකිණීම ""ප්‍රතිව්‍යූයහගත කරනවා"" කියලා ටික කලකට පෙර තිබුන රජයකින් කිව්වා වගේ මේ ගොල්ලෝත් ""විමර්ශනය"" කියන වචනය පාවිච්චි කරලා පසුගිය රජය කාලේ ඇතිකළ ගිවිසුම් සියල්ලටම අනුමැතිය දෙනවා.

:       0       1

Sanka Friday, 07 February 2020 07:41 AM

ගිවිසුම අත්සන් කරලා ඉවරයි. ජාත්‍යන්තර ගිවිසුමක් අපිට ඕනී විධියට නවත්තන්ඩ බෑ. ගිවිසුමට විරුද්ධව ලංකාවේ නඩුවක් තියනවා. ඒක ගැන තමයි ඔය කියන්නේ. මේ කොම්මෙන්ට් කරන අය කියන විධියට කලොත් සිංගප්පූරුව ලංකාවට නඩු දාන්ඩ පුළුවන්. ගිවිසුම අස්සන් කලේ රට එක්ක මිසක් ආණ්ඩු එක්ක නෙමෙයි.

:       27       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30565 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12562 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10908 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 795 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site