(බිඟුන් මේනක ගමගේ)
ආදේශක සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 450 දෙනෙකුගේ සේවය වසර පහක් තිස්සේ ස්ථිර නොකිරීමට විරෝධය පල කරමින් පෙත්සමක් අස්සන් කිරීමට අද (11) කටයුතු කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී 2013 හා 2014 වසරවල මෙම බඳවාගැනීම් කළ නමුත් සේවය ස්ථිර කිරීමට අවශ්‍ය සුදුසුකම් නොමැති යැයි කියමින් එම කටයුත්ත දිගින් දිගටම බලධාරින් විසින් පැහැර හරිනු ලැබුවේ යැයි ගුරුගේ මහතා ලංකාදීපයට කීය.
එහෙත් මෙම සේවක පිරිස සේවයට බඳවාගෙන ඇත්තේ සම්මුඛ පරීක්ෂණයකට ලක්කර මූලික සුදුසුකම් සපුරා ඇතැයි යන නිගමනයට එළඹීමෙන් පසුව යැයි කී හෙතෙම මෙමගින් අදාළ සේවක පිරිස දැඩි මානසික පීඩාවකට පත්ව ඇතැයි අවධාරණය කළේය.
මෙසේ අස්සන් කරනු ලබන පෙස්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාටත් බාර දෙන බව ද මහින්ද ගුරුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෞඛ්‍ය පත්වීම් ගැන පෙත්සමක්