(අජන්ත කුමාර අගලකඩ)
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
කොවිඩ් 19 වසංගතය හමුවේ මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිසන් සභාවට බාරදෙනු ලැබූ අතර එම නිර්දේශ මාලාව රෙගුලාසි වශයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
මෙම ගැසට් නිවේදනයෙන් සිදුවන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිර්දේශ මාලාව නීති සහ රෙගුලාසි බවට පත්වීම යැයි ද ඇය කීවාය.
අදාළ ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරිය සඳහන් කළාය.
මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශවලට අමතරව, ඒවා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරන බලතල මෙම ගැසට් නිවේදනයට ඇතුළත් වන බව ඇමැතිවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍යාරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩන්නන්ට නීතිමය පියවර ගන්න පීඑච්අයිලාට බලය