සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය සඳහා නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ඊයේ (24) පත්කර ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැඩි විරෝධය දක්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර නොතිබියදී හා විෂයභාර අමාත්‍යවරයාගේ කිසිදු දැනුමක් නොමැතිව ආණ්ඩුවේ ඉහළ නියෝගයකින් නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කර එවා ඇතැයි ද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ එවැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු පත් කිරීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂවරයා සිය රාජකාරි මැනවින් සිදුකරන බවත් ඔහු සැලසුම් හා පරිපාලනය පිළිබඳ ඉහළ දැනුමක් ඇති අත්දැකීම් සහිත නිලධාරියකු බවත් ඔහු ඉවත්කර නව නිලධාරියකු පත්කිරීම අනවශ්‍ය බව රාජිත සේනාරත්න මහතා කීය.
නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නොපිළිගන්නා බව කී ඇමැතිවරයා ඔහුගේ පත්කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව පැවසීය.
COMMENTS
ජනාධිපතිතුමාගේ පසුගිය රජයේ ඇමති වරයෙක්ව සිටියදී ඔහුගේ ප්‍රධාන අඳෝනාව වුනේ තමාට ස්වාධීනව වැඩක් කිරීමට එවක ජනාදිපති ඉඩ නොදී ඇඟිලි ගැසූ බවයි. තමා කිසිම ඇඟිලි ගැසීමක් නොකරන බවත් තමා යටතේ ඇමැතිවරුන්ට ස්වාධීනව කටයුතු කරන බවත් පුනපුනා ප්‍රකාශ කළා... දැන් කොහොමද?
අලුත් එක්කෙනා එක්ක කොමිස්, ඩීල් ගහන්න ලැබෙන එකක් නැහැ. එයා ඔක්කොම ජනාධිපතිතුමාට දන්වනවා. නියමයි. දතාගේ කෙරුවාව ඉවරයි.
කිසිම ඇමැතියෙක් හොඳයි කියන නිලධාරීන් හොඳ නැහැ. ඔවුන් පගාමරුවෝ. දැන් මෙයාට තදවෙලා තියෙන්නේ අලුත් එක්කෙනත් එක්ක පරණ සෙල්ලම් දාන්න බැරි නිසා. තමුන්ට වැඩකරගන්න බැරිනම් ඉල්ලා අස්වෙලා යන්න.
අපිට දැනෙන විදියට වැඩක් කරන ඇමති කෙනෙක් රාජිත... GMOA වගේ හැම හොඳ දෙයකින්ම කකුලෙන් අදින මාෆියා එකක් එක්ක මේ කරන ටිකත් ලොකු වැඩක්... වැඩ බැරි ග්‍රාමසේවක කෙනෙක්ගෙන් මීට වැඩිය බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
හොරකමටයි, තක්කඩිකමටයි... වැට බඳියි කියලා වෙන්ටැති හෙල්ලිලා ගියේ...
හැමෝටම දැන් හොදටම පිස්සු, එක්කෙනෙක් පත් කරනවා තව කෙනෙක් විරුද්ද වෙනවා, මොකද්ද මේ නාඩගම, නරක ද ඔය 225 ම මොලේ පරික්ෂවක් දැම්මොත්?
සෞඛ්‍යය ඇමති දන්නේ නැතිනම් අපිද දන්නේ?