සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය සඳහා නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ඊයේ (24) පත්කර ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැඩි විරෝධය දක්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර නොතිබියදී හා විෂයභාර අමාත්‍යවරයාගේ කිසිදු දැනුමක් නොමැතිව ආණ්ඩුවේ ඉහළ නියෝගයකින් නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කර එවා ඇතැයි ද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ එවැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු පත් කිරීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂවරයා සිය රාජකාරි මැනවින් සිදුකරන බවත් ඔහු සැලසුම් හා පරිපාලනය පිළිබඳ ඉහළ දැනුමක් ඇති අත්දැකීම් සහිත නිලධාරියකු බවත් ඔහු ඉවත්කර නව නිලධාරියකු පත්කිරීම අනවශ්‍ය බව රාජිත සේනාරත්න මහතා කීය.
නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නොපිළිගන්නා බව කී ඇමැතිවරයා ඔහුගේ පත්කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව පැවසීය.
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ සමාජිකයින් 74 දෙනෙකුට පමණ පසුගිය මාසය තුලදි ඩෙංගු රෝගය වැළදි ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ ව
ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් 92 ක් වැඩි මුදලට අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ තාක්ෂණික නිලධාරියකු ඇතුළු දෙදෙනකු ප
දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ මෙහෙයවීම මත මෝදර ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල්වඩමක් සහ ටී 56 වර්ගයේ ජ
ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කළ පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්
මහා පරිසර හානියක් කරමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයේ නීති විරෝධී ලෙස ගස් කැපු බව කියන එම වතුයායේ වතු අධිකාරි
දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින් සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත් මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව පයාගල පොලිසිය පව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සෞඛ්‍යයට නව සැලසුම් අධ්‍යක්ෂවරයකු පත්කළාට රාජිතගේ දැඩි විරෝධය
piyal Thursday, 25 July 2019 05:49 AM
ජනාධිපතිතුමාගේ පසුගිය රජයේ ඇමති වරයෙක්ව සිටියදී ඔහුගේ ප්‍රධාන අඳෝනාව වුනේ තමාට ස්වාධීනව වැඩක් කිරීමට එවක ජනාදිපති ඉඩ නොදී ඇඟිලි ගැසූ බවයි. තමා කිසිම ඇඟිලි ගැසීමක් නොකරන බවත් තමා යටතේ ඇමැතිවරුන්ට ස්වාධීනව කටයුතු කරන බවත් පුනපුනා ප්‍රකාශ කළා... දැන් කොහොමද?
HafeelThursday, 25 July 2019 06:54 AM
මේ ආණ්ඩුවේ ජනාධිපතිත් එකයි, ඇමතිලාත් එකයි. ජනාධිපති දන්නේ නැහැ රටේ සිදුවන දේවල්... රටේ සිදුවෙන දේවල් එයා දැනගන්නේ ෆේස් බුක්වලින් සහ මාධ්‍ය වලිනුයි. දැන් මෙයාත් දන්නේ නැහැ... මේ පත්වීම් පත් කරනතුරු...
sirimannaThursday, 25 July 2019 07:46 AM
රාජිත තරම් සෞඛ්‍ය සේවයට සේවාවක් කළ ඇමැති කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැ. එය අවිවාදයෙන් පිළිගත යුතුයි. අමාත්‍ය අංශයේ නිලධාරියෙක් වෙනස්කළා පමණින් කොමිස් වැනි දේවල් සිතන්නේ නම් එය මුලාවකි. අවශ්‍ය නම් එය කළ හැක.
srimalThursday, 25 July 2019 08:23 AM
හැම දෙයකට වැරදි විදියට දේශපාලනය ගාවගන්න එපා. හැම රජයකම හොද මෙන්ම නරක අයත් ඉන්නවා.
BamunuarachchiThursday, 25 July 2019 02:33 PM
රාජිත තරම් සෞඛ්‍ය සේවයට සේවාවක් කළ ඇමැති කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැල්ලු. නමුත් අදාළ වෘත්තියේ අය එයා කවුද කියා දන්නවා.
sumaliThursday, 25 July 2019 06:58 AM
පසුගිය රජයේ ජනාධිපති මෙතරම් ඇඟිලි ගැසීමට හේතුව මොහුට කිසිම වැඩක් හරියට කරන්න දන්නේ නැති නිසා බවයි මට දැන් හැඟෙන්නේ...
sanath Thursday, 25 July 2019 06:00 AM
අලුත් එක්කෙනා එක්ක කොමිස්, ඩීල් ගහන්න ලැබෙන එකක් නැහැ. එයා ඔක්කොම ජනාධිපතිතුමාට දන්වනවා. නියමයි. දතාගේ කෙරුවාව ඉවරයි.
sirisenaThursday, 25 July 2019 06:53 AM
මෙහෙමත් අසීලාචාර මිනිස්සු... කතා කරන්නවත් දන්නේ නැහැ.
sirisenaThursday, 25 July 2019 07:00 AM
මෙහෙම මොඩයොත් මේ රටේ ඉන්නවද?
Asanka Thursday, 25 July 2019 06:27 AM
කිසිම ඇමැතියෙක් හොඳයි කියන නිලධාරීන් හොඳ නැහැ. ඔවුන් පගාමරුවෝ. දැන් මෙයාට තදවෙලා තියෙන්නේ අලුත් එක්කෙනත් එක්ක පරණ සෙල්ලම් දාන්න බැරි නිසා. තමුන්ට වැඩකරගන්න බැරිනම් ඉල්ලා අස්වෙලා යන්න.
Rata Perata Thursday, 25 July 2019 06:33 AM
අපිට දැනෙන විදියට වැඩක් කරන ඇමති කෙනෙක් රාජිත... GMOA වගේ හැම හොඳ දෙයකින්ම කකුලෙන් අදින මාෆියා එකක් එක්ක මේ කරන ටිකත් ලොකු වැඩක්... වැඩ බැරි ග්‍රාමසේවක කෙනෙක්ගෙන් මීට වැඩිය බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
MaheeThursday, 25 July 2019 07:26 AM
සහතික ඇත්ත, හැබැයි අපට නොදැනෙන කොටස තමයි වැඩි... අන්න ඒ කොටස ගැන දන්නා කෙනෙක් තමයි ඒවා වළක්වන්න මෙහෙම අලුත් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකුව එවන්න ඇත්තේ. වැඩ දන්නා හොරෙකුට වඩා වැඩ බැරි ග්‍රාම සේවකයෙක් හොඳ නැද්ද යාලුවේ..?
silvaThursday, 25 July 2019 09:57 AM
එවන අයගේ ප්‍රොෆයිල් එක මෙන්ම එය පිපාසයේ සිටින අයත් මහජනතාව දන්නවා.
සේන Thursday, 25 July 2019 07:02 AM
හොරකමටයි, තක්කඩිකමටයි... වැට බඳියි කියලා වෙන්ටැති හෙල්ලිලා ගියේ...
Bandula. Thursday, 25 July 2019 08:03 AM
හැමෝටම දැන් හොදටම පිස්සු, එක්කෙනෙක් පත් කරනවා තව කෙනෙක් විරුද්ද වෙනවා, මොකද්ද මේ නාඩගම, නරක ද ඔය 225 ම මොලේ පරික්ෂවක් දැම්මොත්?
Nimal Thursday, 25 July 2019 10:24 AM
සෞඛ්‍යය ඇමති දන්නේ නැතිනම් අපිද දන්නේ?