( ටී.කේ.ජී.කපිල )
ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය නිසා , ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන මේ මස 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එහෙත් මෙම කාළය තුළ ලෝක තත්වය යහපත් වුවහොත් මෙන්ම , වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සමාලෝචනය කර , මෙවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් , 21 දිනට පෙර , කෙටි දැනුම්දීමකින් අනතුරුව , සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානමින් සිටිති .
එසේම විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ,රජය විසින් යෝජනා කරනු ලැබුවහොත් ඒ සදහා ක්‍රියාත්මක වීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය කැමැත්තෙන් සිටින බව ද ප්‍රකාශ කර සිටිති .
එමෙන්ම ලෝක ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ජාලය මේ පසුබිම යටතේත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර , අවශ්‍ය විටෙක ඒ සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සූදානමින් සිටිති .
ලෝක ගුවන් සේවාවන්ට පාලනය කිරීමට නොහැකි මේ තත්වය පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කනගාටුවට පළ කර සිටී.
ප්‍රවේශ පත්‍ර නැවත වෙන් කරවා ගැනීමට , නිකුත් කරවා ගැනීමට සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පැහැදිලි කර ගැනීම සදහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයා අමතන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටිති .
2025 දෙසැම්බර් මස 04
133
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි
බද්රානි Wednesday, 01 April 2020 03:41 PM
පිටරට සිට ගෙන්න ගන්න තව ප්‍රභූන් පිරිසක් හෝ ප්‍රභූ පවුල් වල දු පුතුන් ඉන්නවද? ඔවුන් ටිකත් ලංකාවට ගෙන්වා ගෙනම ගුවන් තොටුපොල වසා දාන්න. අනෙක් අය ඒ රටවල් වලටම වෙලා හිටපුදෙන්.
පිටිගල මිලානෝ Wednesday, 01 April 2020 04:11 PM
කාලෝචිත පියවරක්....!
Kumara Thursday, 02 April 2020 02:47 AM
අනේ ඕක සදහටම වහලා දාන්න බැරිද.?