
ශ්රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්නැයි තමන් නෝර්වේජියාවේ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කම්සි ගුනරත්නම් මහත්මිය පවසයි.
ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් මහත්මිය නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඉරිදා (26) ඒ බව පැවැසුවාය.
ශ්‍රී ලංකාව වර්ජනය කිරීම ඉදිරියට යා යුතු ක්‍රමවේදය යැයි තමන් නොසිතන බව ද ඇය එහිදි කීවා ය.
“වර්ජනය කිරීම ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ආයෝජන තියෙන්න අවශ්‍ය යි. ශ්‍රී ලංකාව තුළ රැකියා නිර්මාණය වෙන්නේ ආයෝජනවලින් පමණක්” යැයි ද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.
සාකච්ඡා සඳහා ආරාධනා කළහොත් තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ද සූදානම් යැයි ගුනරත්නම් මහත්මිය කීවා ය.
වෙළෙඳාම, අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍රවලින් නෝර්වේ රාජ්‍ය ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු යැයි ද ඇය පැවැසුවාය.
නෝර්වේ රාජ්‍යයට ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දිය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීම සඳහා තමන් පක්ෂ නායකත්වය, නෝර්වේ විදේශ අමාත්‍යවරයා, සහ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බව ද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.
කෙසේ නමුත් තමන්ද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු යැයි ඉල්ලා සිටින බවත් ගැටලුවලට පිළිතුරු නොමැතිව ගැටලුවවලට නිමාවක් හෝ සමාප්තියක් නොමැති බව ද ඇය කීවා ය.
යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ බාහිරව බවත් එය අභ්‍යන්තරයෙන් සිදු නොවිය යුතු බවත් ඇය එම මාධ්‍ය හමුවේදී පැවැසුවා ය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය හොඳම විසඳුම තීරණය කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන් බවත් විදේශ රටක් එය තීරණය නොකළ යුතු බවත් ඇය කීවා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට ස්තූතියි.
මම බෙහෙවින්ම අගය කරනවා..
මේවා ගැන සාකච්ඡා කළයුතු හොඳම කෙනා සරත් ෆොන්සේකා මහතායි. එතුමා හිටියේ නැත්නම් අනුරාධපුරෙන් උඩට අපිට යන්න වෙන්නේ නැහැ. සරත් වීරසේකරලාගේ කෙරුවාව අපි හැමදාම දකිනවනේ..
පිටිගල මිලානෝ ,පුතානෝගේ රෙකොර්ඩ් එක කඩන්න වගේ හදන්නේ .ලඟකදී ඉඳලා දොඩවනවා
මෙතුමියට මාගේ හදවතින්ම ස්තුතිවන්ත වන අතර ජයෙන් ජයම වේවා කියාද පතමි
දේශප්‍රේමීන් පස්ස උඩදාගෙන ස්තූතිය පුද කරයි
ඔබ තුමියගේ අදහස් සහ යෝජනා හොඳයි .ඒවා එක් ජනවර්ගයකට පමණක් නොවී සියලුම ශ්‍රී ලාංකිකයන්ට අත් විය යුතුයි.ඒත් ප්‍රශ්න වලට විසඳුම යුධ අපරාධ නොවේ
ඇයගේ කීම හරි නොවේ රට එරට පදිංචි ඩයස් පෝරාවේ සාමාජිකයින් ආණ්ඩුවට කරන බලපැම් නිසා කිම්සි ගුනරත්නම් වැනි අය සාධාරන ලෙස බලනවා නම් යුද අපරාදෙ ගැන සෙවිම කමක් නැහැ.. නමුත් යුද්දේ කළේ පැති දෙකක.. එ්නිසා මුලු යුද්ධයම වුණු දේවල් සෙවිය යුතුයි.. එතකොට කොටි සංවිධානය කරපු දෙවල් එළිවේවි.. අපේ හමුදාව ලෝකයේ තියන මානුෂිකම හමුදාවක් බව ලොකෙට පෙන්වන වැඩපිළිවෙළක් ගෙනියන්න ඕනෑ..
මෙයාට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. ඔස්ලෝ අවට ඉන්න ලංකාවෙන් ආපු අයගේ ඡන්දයෙන් තමයි පත් වුණේ. නැතිව නෝර්වේ මිනිස්සුන්ගෙන් පත් වෙච්චි කෙනෙක් නෙමෙයි. ලංකාවේ මෝඩයින් හිතන්නේ ලංකාවේ කෙනෙක් කොහේහරි ඡන්දයකින් දිනුවොත් එයා ලෝකයේම නායකයා කියලා අවුරුදු ගාණකට කළින් එංගලන්තයේ කෙනෙක් ඡන්දයෙන් දිනුවා. කියලා උඩ පැන්නා. කරපු කෙංගෙඩියක් නෑ...
අපෝ එපා. එක පාරක් චන්ද්‍රිකා සෝල්හයිම් එක්ක කරපු නාඩගම හොඳට මතකයි. සෝල්හයිම් කොටින් එක්ක එකතු වෙලා රට බෙදන්න පාර කැපුවා... මේ නෝනා මහත්තයා, ඔයා ඔයාගේ වැඩක් බලාගෙන නෝර්වේට වෙලා ඉන්න. මෙතන තියෙන ප්‍රශ්න මදිවට. එක පැත්තකින් චීනා, අනෙක් පැත්තෙන් ඇමෙරිකන් කාරයා. තව පැත්තකින් ඉන්දියාව.. අපේ රට කවදා ස්වාධීන වෙයිද..?