(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විශාලතම ධීවරය වරාය ලෙස ඉදිවෙමින් පවතින වෙන්නප්පුව, වෙල්ලමංකර ධීවර වරාය ලබන නොවැම්බර් මස ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්රයේ විශාලතම ව්‍යාපෘතියක් වන මෙම වරාය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 250 කට ආසන්න මුදලක් වැය කරයි.
ශ්‍රී ලංකා දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් වැඩි මෙහි විශාල ධීවර බෝට්ටු මෙන්ම බහුදින ධීවර යාත්‍රා 800 කට පමණ එකවර නැංගුම්ලෑමේ හැකිව තිබේ.
විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර සහ සේවක නේවාසිකාගාර ද, ආපනශාලා, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ.
වෙල්ලමංකර ධිවර වරාය විවෘත කිරීමත් සමග එම ප්‍රදේශයේ නව වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට ආදායම් ඉපයීමේ මාර්ග විවෘත වන අතර මෙම ධිවර වරාය ඉතා අලංකාර ධීවර වරායක් වීම නිසා ඉදිරි කාලයේදී මෙම ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට ද සැළසුම් කර තිබේ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සෘජු අධීක්ෂණයෙන් මෙම වරායේ ඉදිකිරීම් ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුවතක්. නමුත් මාළු ඇල්ලීමට විතරක් මුහුදේ යන්නේ නැති බව උදේ හවස දකිනවා. නියාමනයක් නැතිව බෝට්ටු මුහදට යන එක ගැන කිසිම පැහැදීමක් නැහැ. කොළඹ ලගටම විස මත්ද්‍රව්‍ය ගේන්ඩ පටන් ගන්ඩ ඉඩ තියෙනවා.. මුහුදට යන එන බෝට්ටු පිළිබද විස්තර එකම තැනකින් පාලනය සහ විශ්ලේෂණය කරනවා නම් මත්ද්‍රව්‍ය ගේන එක අඩුවේවි.
ජනතාවගේ සල්ලි වලින් හදන ඒව ජනතාවටයි අයිති, එහෙම තියෙද්දි මොනවද මේ බොරු කතා, දැන් දේශපාලුව ඕකෙන් කොමිසුත් ගහලා නම් වැලක් සමරු පලකයේ ගහයි.
මා 1980-1986 අග දක්වා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සේවය කළඅතර ඒ කාලයේත් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවුණා. වසර 40ක පමණ කාලයක් ගත වී හෝ මෙහි වැඩ නිමව ඇති බව දැනගන්න ලැබීමටත් සතුටු දායක පුවතක්....!!!
1986 නොවැම්බර් දක්වා මා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සේවය කළ අතර ඒ කාලයේත් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවුණා. වසර 40කට අධික කාලයක් ගත වී හෝ මෙහි නිමවා සනිටුහන් වීම සතුටට කරුණකි...
බොහෝම හොඳ ආරංචියක් අදහස දාපු, පටන් ගත්තු, ඒ අයටත් විවෘත කිරීමට ආරාධනා කරන්න..
අභිරහස් කුමන්ත්‍රණ ජාවාරම් වලින් පිරිලානේ
ඊට පස්සේ ටික දවසකින් චීන අයිතියට...
ඔය වරාය අවශ්‍ය හම්බන්තොටටයි.