IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ශ්‍රී ලංකාව ගැන සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කරන්න’’

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට  අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකර සිටින බව යුරෝපා සංගමය පවසයි.

මේ වනවිට  ජිනීවා හී පැවැත්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 48 වැනි සැසියේදී යුරෝපා සංගමය වෙනුවෙන් ඇමතූ ස්ලෝවේනියානු නියෝජිත අනීටා පිෆන් මේ බව කියා සිටියාය.

ශ්‍රී ලංකාව පසුගිය අර්බුද සම්බන්ධ ගැටලුවලට විසදුම් සෙවීමේදී එක්සත් ජාතීන්ගේ සැලසුම් රාමුවට සහාය නොදැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද යුරෝපා සංගමයේ නියෝජිතවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේ වෙතත් සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට බලකරන බවද ඇය කීවාය.

මෙහිදී ඊට ප්‍රති විරුද්ධ අදහසක් පළ කළ එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා සිදුකරන බාහිර අතපෙවීම්වලට චීනය  විරුද්ධ වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි මත සිවිල් කටයුතුවලදී හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය 48 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් ඉකුත් 13 වැනිදා පැවසුවාය. 

ඊට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනා කර ඇති 46/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බවය.



අදහස් (1)

’’ශ්‍රී ලංකාව ගැන සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කරන්න’’

පිටිගල මිලානෝ Thursday, 16 September 2021 01:21 PM

අපිට ඔච්චරම ආදරෙයි නම් එන්නත් ටිකක් එවන්නකෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site