(නිමල කොඩිතුවක්කු)
වෙරළ ආශ‍්‍රිතව සිදුවන නව වෙනස්විම් සහ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය යළි ගණනය කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නව සිතියම් කාණ්ඩය හඳුන්වාදිමත් සමග එම පියවර ගන්නා බවද මිනුම්පති පී. එම්. පි උදයකාන්ත මහතා සඳහන් කරයි.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් නිසා වර්ග ප‍්‍රමාණය කිලොමිටර් 2.7කින් පමන ඉහළ ගොස් ඇති බවද ඔහු පැවැසිය.
ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමානය යළි ගනනය කිරීමේ කටයුතු සඳහා භූගෝලිය තොරතුරු අංශයේ නිළධාරින් පිරිසක් ඒ ස ඳහා යොමු වී ඇතැයිද හෙතෙම කීය.
සියලූ ගණනය කිරිම් අවසන් කර මාසයක් ඇතුළත මෙම කටයුතු ප‍්‍රසිද්ධ කිරිමට පියවර ගන්නා බවද මිනුම්පති පී. එම්. පි උදයකාන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මැනුම් කරන්නේ නවීන තාක්ෂණයට නිසා අඩු වියදමකින් කරන්න පුළුවන් වේවි. ඒත් සුද්දා කල අඟලේ සිතියම ඉතාම වටිනවා. එහි ඇති සමෝච්ච රේඛා ඇන්දෙ තල මිතික ක්‍රමයටයි 1970 ගණන්වල කලේ ගුවන් චායාරූප උපයෝගී කරගෙන "ස්ටීරියෝ ප්ලොටින්" වලින්. අලුත් ක්‍රම ගැන සෙමිනා තිබ්බ නමුත් භාවිතා කරන උපකරණ සොයා බලන්න අවස්තාවක් ලැබුනේ නැත. තවමත් අපිට 1:1000 සිතියමක් නොමැත. කටාර් වලනම් 1:1000 සිතියම් තිබෙනවා. දැන් කටාර් වලත් "ෆොටෝ ග්රමෙට්‍රි" පටන්ගෙන තිබෙනවා. ඉහල වැටුප් වැඩකරන්නේ සහොදර ලාංකික සිංහල ශිල්පීන්.
ඒක හොඳයි. එතකොට හොයාගන්න පුළුවන් ඒගොල්ලයි මේ ගොල්ලයි රට කාල ඉතුරුවෙලා තියෙන්නේ කොපමණද කියල බලා ගන්න. මොකද ඊළඟට එන කට්ටියට කන්නත් ඕනනේ.