(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට අද ( 09) සිට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි කටාර් රාජ්‍යයේ සන්නිවේදන කාර්යාලය ඊයේ (08) නිවේදනය කළේය.
ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය , පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.
වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන ඇති අතර අත්‍යවශ්‍ය ගමනක් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙස ද කටාර් රාජ්‍ය එරට ජනතාවට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞදි බලධාරින් කළ දැනුම් දීම්වලට අනුව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි සංස්කෘතික ශාලාව අද (10) සිට නැවත දැනුම් දෙන තුරු සියලු කටයුතු සඳහා වසා දැමූ බව එම තානාපති කාර්යාලය කියා සිටී.
සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඇතුළු රටවල් නවයකට සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කරනු ලැබ ඇති එම රටවලට ගුවන් සහ නාවික ගමන්වාර ද මේ වන විට නවතා දමා ඇතැයි ද වෛරසය පැතිරයාම හේතුවෙන් සෞදි අරාබියේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල යළි දැනුම් දෙනතුරු වසා දමා තිබෙන බවද රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.
සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වන අතර බොරතෙල් නිෂ්පාදනය කෙරෙන කටීෆ් පළාත ද තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය කියා සිටී.
කටීෆ් පළාතේ සියලුම පොදු සහ පෞද්ගලික ආයතන ද වසාදමා ඇති බව පැවසේ.
COMMENTS
මේ අයට මොලේ නැහැ කියන්නේ නිකන්ද? ලංකාව අහවල් එකටද තහනම් කරේ? දැනට කොරෝනා වසංගතය දරුණුවට පැතිරෙන රටවල් වලින් චීනය ඉරානය විතරයි නම් කරලා තියෙන්නේ... ඉතාලිය බ්‍රිතාන්‍ය අසල්වැසි එමීර් රජය සෞදිය නම්කරලා නැහැ. අපේ රටෙන් වාර්තා වුනේ එක රෝගියයි. ඇයත් සුවකරලා චීනයටම යැව්වා.
ලංකාවේ කොරෝනා නැත්නම් ඇයි මේ තහනමක් දාලා තියෙන්නේ? කොරෝනා තියන යුරෝප් රටවල් වලට නම් තහනම් දාලා නැහැ...
තවම එක රෝගියෙක්වත් නැති ලංකාවේ පුරවැසියන්ට කටාර්වලට ඇතුල්වීම තහනම්... නමුත් රෝගීන් දහස් ගණනක් ඉන්න ඉතාලි වැසියන්ට ඇතුල්වීමට කිසිම බාධාවක් නැහැ. මොවුන්ගේ ධීනභාවය ඉතා පැහැදිලිය..
අධික ජනගහනයක් මේ රටවලින් දිනකට පැමිණෙනවා මේ නිසා නිරෝධයන කටයුතු අපහසු වෙනවා. නැතිව තරහට නොවේ නේපාලයේත් රෝගීන් නැහැ.
රටේ කොරෝනා රෝගීන් නැති තත්ත්වයක් තුළ මෙලෙස තහනම් කිරීමට හේතුව කුමක්ද? සෞඛ්‍ය අංශ වහාම මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. දොස්තර සංගමය තව දුරටත් සැඟව සිටියි.