IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද විශ්‍රාම ගනී


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු  සේවයෙන් විශ්‍රාම යන බව අද ( 14 ) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරෙණි.


අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරු අසුන්ගත්හ.


එම විනිසුරු මඩුල්ල විනිසුරු ආසනවල අසුන් ගැනීමෙන් පසුව  විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ලබන බවයි.මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය.


ඉන් පසුව  නඩු කටයුතු සඳහා 502 අධිකරණ ශාලාවේ සිටි ජනාධිපති නීතිඥ ඊ කන ඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක  සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද  කියා සිටියේය.


වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුබ පැතුම් පළකර සිටියේය.

 



අදහස් (8)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද විශ්‍රාම ගනී

දිමුත් Friday, 14 December 2018 06:31 AM

ඉතින් අද විශ්‍රාම යන කෙනෙක් අද නඩුවකට පෙනී ඉන්නේ ඇයි?

:       31       432

sandy123Friday, 14 December 2018 07:29 AM

පැහැදිලි තර්කයක්...

:       2       214

ගල්කටස් Friday, 14 December 2018 09:49 AM

ඩෙප් අගවිනිසුරුතුමන්ගේ අවසන් දිනද දුමින්ද සිල්වාට මරණ දණ්ඩුවමක් ලබා දුන්නා අමතකද..?

:       2       148

irun Friday, 14 December 2018 07:21 AM

අපේ රටට බුදු සරණයි....

:       2       19

ගල්කටස් Friday, 14 December 2018 07:31 AM

අැයට ලැබිය යුතුව තිබූ අගවිනිසුරු තනතුර අාප්ප සිරා හා සමනළ රනිල් වැළැක්වීමත් අැය නඩුවලට පෙනී සිටිනවාට විරුද්ධව එ.ජා.ප කටයුතු කිරීමත් නිසා කළකිරීමකින් මෙම⁣ හදිසි තීරණය ගන්නට අැත. නීතිය කෙරෙහිද බහුතරයක් ජනයා තුළ විශ්වාසය බිඳ වැටෙමින් පවතියි. මතුදිනක එහි උචිතම අවස්ථාවන් දැකගත හැකිවනු අැත.

:       520       478

Bandara Friday, 14 December 2018 08:04 AM

රනිල්ට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද?

:       18       135

lal Friday, 14 December 2018 08:51 AM

ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම විනිසුරුවරියක්...

:       39       1190

Buddika Friday, 14 December 2018 09:01 AM

අවසන් නඩුව මිත්‍රයට උදව් නොකර ඉඳීවිද?

:       24       568

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site