Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 25 වන සෙනසුරාදා
(ඩයනා උදයංගනී)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.
මෙම තීරණය ගත්තේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඉදිරියේදී අත්සන් කරන බව හෙතෙම පැවසීය.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.
(ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක)
සේපාල Wednesday, 09 October 2019 05:17 AM
ඕක කියන්නත් දෙයක්ද? ශ්‍රීලනිප පොහොට්ටු කියන්නෙ එකම පක්ෂේ කෑලි දෙකනේ. මේ රටේ තියෙන්නෙ එජාප සහ ශ්‍රීලනිප. හැබැයි ජනතාව සදා අනාතයි.
Reply : 615 894
wimal Wednesday, 09 October 2019 05:18 AM
ජයවේවා……..
Reply : 1374 1470
nisha Wednesday, 09 October 2019 05:18 AM
ඉනිමගට පයින් ගැහුවා. යු ඇන් පියට ඕනවුන ලංකා නිදහස් පක්ෂය නැති කිරීම නිදහස් පක්ෂය තුලින්ම කෙරුණා
Reply : 357 881
Dayan Wednesday, 09 October 2019 05:19 AM
ලංකාවේ ප්‍රධාන පක්ෂයක් කාබාසිනියා කිරීමේ ගෞරවය ජනපතිට හිමි වෙනවා.
Reply : 452 895
නන්දහිමි Wednesday, 09 October 2019 05:30 AM
සජිත්ට ජය වේවා. අද හෙට ලංකා නිදහස් පක්ෂය තවත් කෑලි වලට් කැඩෙනවා.
Reply : 1077 2503
Amila Wednesday, 09 October 2019 05:31 AM
ඊලග මහඡන්දෙන් ශ්‍රිලනිප සෙට් එකම ගෙදර. ඒට පස්සේ ඉතින් අර වාමාංශික පක්ශ වගේ බෝඩ් එක විතරයි ඉතුරුවෙන්නේ. ජාතික ලැයිස්තු ලැබෙන්නේත් නෑ. පොහොට්ටුවේ අයට ගිය මහඡන්දෙදී කරපු කෙනෙහිලිකම් වලට ලස්සනට පලිගැනීම් වෙවී. හැබයි ඔක්කොම කුනුගොඩවල් ටික ආයෙත් එකම ගොඩේ. අර නෝනා තමයි දන්නේ කියන හාදයත් ගත්තා නම් නියමයි.
Reply : 319 612
saman Wednesday, 09 October 2019 05:45 AM
පක්ෂ දේශපාලනය නොව උගත්කම සමග තීරණ ගැනීමේ හැකියාව ඇති කෙනෙක් පත් කරගනිමු. සා.පෙළ නැති අය ප්‍රාදේශීය සභාවකටවත් සුදුසු නැත.
Reply : 125 500
ශ්‍රී Wednesday, 09 October 2019 05:51 AM
මේ කිසිම ගිවිසුමක් තම තමන්ගේ ආත්මාර්ථකාමී බලලෝභය සහ ඊට අදාළ වරප්‍රසාද බෙදා ගැනීම සඳහා පමණක් මිස ජනතා සුභ සිද්ධිය සඳහා නම් නොවේ.
Reply : 1 355
Mahee Thursday, 10 October 2019 02:28 AM
ඔන්න ඔය සිද්ධාන්ත සත්‍යය තමන්ගේ ඇස් ඉදිරිපිටම තිබුණත් අපේ වහල්ලු කිසිදවසක එ්ක තේරුම් ගන්නේ නැහැ. එ් නිසා තමන්ගේම දේපල කොල්ල කන්නයි මේ එක එක වේශයෙන් එන්නේ කියන එක ඔවුන් වටහා ගන්නේ නැහැ. ගිවිසුම් ගහන්නේ පුළුවන් තරම් ඡන්ද කඩාගෙන බලයට ඇවිත් මහජන දේපල හූරාකන්නයි කියන එක තේරුම් ගන්නේ නැහැ. අපේම සාක්කුවට විදිද්දී හුරේ දාන හොරුන්ට හුරේ දාන අපි නම් ඉහළම ගණයේ තකතීරුවන් රැලක්. "රටකට ලැබෙන්නේ ඒ රටට ගැලපෙන ආණ්ඩුවකි"
Reply : 1 38
Bamunuarachchi Wednesday, 09 October 2019 05:54 AM
සජිත් කියන්නේ මේ අපේ ජනාධිපති කියලා කියන්න පුලුවන් නායකයෙක් නෙවෙයි.
Reply : 3022 1634
Raveendra Wednesday, 09 October 2019 06:58 AM
Bamunuarachchi මයා වෙත, අප පතෝල මුදලාලිට සුදු හුණු ආලේප කරනවා යයි කාරුණිකව නොසිතන්න. සජිත් යනු කව්ද යන්න ඔහුගේ පැවැත්මෙන් ඉතා හොදින් පැහැදිලි වෙන බව නොරහසකි.
Reply : 212 570
Raveendra Wednesday, 09 October 2019 07:39 AM
කැහි ගෑණිය හොද නැතිබව හොටු ගැහැණිය පවසන්නේය..// හොටු ගැහැණිය හොද නැතිබව මුළු ලෝක පවසන්නේය..// තමන් වැරදි නිසා නිතරම අනිකා වැරදිය කියන්නේය..// මෙය අපේ රටේ දේශපාලුවන්ගේ සිරිතක් නොවන්නේද ..//
Reply : 18 133
Anurudda Wednesday, 09 October 2019 11:16 AM
මේ රවින්ද්‍ර කියන පුද්ගලයා හැමෝටම බැන බැන ඉන්න එක නේද කරන්නේ? එක එක අයගේ ආසාවන් නේද
1 4
Bamunuarachchi Wednesday, 09 October 2019 01:24 PM
සජිත් මට නම් රාජ්‍ය නායකයෙක් නොවෙයි කියා කියන්නේ කැහි ගැහැණි, හොටුගැහැණි න්‍යාය මත නොවෙයි. මම මේ සිංහල රට සිංහලයාට අයිතියි කියන න්‍යායේ සිටින නිසාය. සිංහලයා පරන්ගින්ගෙන් සුද්දාගෙන් රටබේරා ගන්න කරපු සටන් වලදී දෙමළා හෝ මුස්ලිම් පුද්ගලයා රට බේරාගනියි. මේ සටනට ඉදිරියට ආවේ නැත. එසේ නම් දැන් මොවුන්ට රටෙන් කොටසක් බලප්‍රදේශයක් ඉල්ලන්න ඇති අයිතිය මොකක්ද? ඡන්දය බලාගෙන එසේ දෙන්න පොරොන්දු වෙන කාලකන්නි නායකයෙක් අපිට වුවමනා නැත..
26 416
Nishan Wednesday, 09 October 2019 11:51 PM
බමුණුආරච්චි කියන්න බලන්න හිස්බුල්ලා නැගෙනහිර පුංචි අරාබියක් කලේ කාගේ අනුහසින්ද කියලා...
1 13
Chanak los angeles Wednesday, 09 October 2019 08:48 PM
බමුණා දන්නා දේශපාලනයක් නැහැ.. 2015 දී ගෝඨාභයට වඩා දෙගුණයක් ජනප්‍රිය වූ, එවක විධායක ජනාධිපති ද වූ, මහින්ද රාජපක්ෂ පරාජය වූනේ ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ඇතුළු අද ඔවුන් සමග සිටින සියලු දෙනා එකට සිටියදී බව මතක් කර දෙමි .
Reply : 21 16
එරන්ද Wednesday, 09 October 2019 05:56 AM
හොරු ටික සෙමෙන් සෙමෙන් එකට එකතු වෙනවා. මේ රටේ සමස්ත ජනතාවට කියන්නේ... ඔබතුමන්ලා රටේ ජීවත් වෙනවනම් දරුවන්ට ආදරේනම් මහේෂ් සේනානායකට ඡන්දේ දෙන්න. කවදාවත් ප්‍රධාන පක්ෂ දෙකේ මිනිස්සු මේ රට හදන්නෙ නැහැ. දරුවන්ගෙ අනාගතේ විනාශ නොකර හොඳම විකල්පය හොයන්න. පක්ෂ දේශපාලනේ අමතක කරන්න. දේශපාලනේ තියෙන සුවය තියෙන්නේ ඡන්ද ප්‍රතිඵල කියන වෙලාවට විතරයි.
Reply : 619 690
ananda Wednesday, 09 October 2019 02:29 PM
මහේෂ් සේනානායට ඡන්දෙ දෙන්න පුළුවන්... ඒත් පාර්ලිමේන්තුවේ ඉන්නෙ සේරම එයාට විරුද්ධ හොරුනේ.. ඉතින් දිවුරුම් දුන්නු දාට පහුවදාම දෝෂාභියෝගයක් ගෙනත් එළවා දාන්න පුලුවන් එතකොට... කෝටි 600ක් අපරාදේ.. අහසෙන් වැටුණු අයට දේශපාලනේ කරන්න බැහැ.
Reply : 128 310
Anurudda Thursday, 10 October 2019 01:05 PM
එහෙම හිතෙන හිතෙන දෝෂාභියෝගයකින් රටේ ජනාධිපති නෙරපා දමන්න බෑ.ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රමවේදයක් තියෙනවා.ඒ සඳහා අධිකරණය මැදිහත් වෙනවා.ඒ නිසා නොදන්න දේවල් කියන්න එපා කියලා මම ඉල්ලනවා.බොරු කියලා කාගෙවත් ඡන්ද කඩන්න එපා.
1 9
Hafeel Wednesday, 09 October 2019 06:00 AM
මෛත්‍රී රටත් පක්ෂයත් නැති කරලා විශ්‍රාම යන්නේ..............
Reply : 182 474
Sanath Kandy Wednesday, 09 October 2019 06:35 AM
එකම විදිහේ ප්‍රතිපත්ති තියෙන හැමෝම එකම පිලකට එකතුවෙන එක තමා හොද. එතකොට මෙයාලගේ විනාශකාරී ප්‍රතිපත්ති එපාවෙන ජනතාවට සැබෑවිකල්පයක් තෝරා ගැනීම පහසු වෙනවා. මේ ජනාධිපතිවරණයේදී විකල්පයේ අපේක්ෂකයා ජයගත්තොත් ඊලග මහමැතිවරණයේදී එජාපයත් ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් එක පිලකට එනවා
Reply : 110 521
Chanak los angeles Wednesday, 09 October 2019 06:11 AM
බොහොම හොඳයි අපි ප්‍රාර්ථනා කළෙත් ඔහොම වෙන්න කියලා.හේතුව යහපාලනය ගෑවුණු තැනකට ඡන්දය ලැබෙන්නේ නැහැ.
Reply : 1361 1041
ase Wednesday, 09 October 2019 06:14 AM
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මළගමට අපේ නිමක් නැති ශෝකය. ඔය අය ගිය තැනකටවත් ඡන්දය දෙන්නේ නැහැ, මෙවර අපේ ඡන්ද මහේෂ්ට !!
Reply : 678 588
Palitha Lakshman Wednesday, 09 October 2019 06:14 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග 2015 හවුල් ආණ්ඩුවක් හැදීම එම පක්ෂය කල ඓතිහාසික වරදකක් . වැරැද්ද අද දින නිවැරදි කරගෙන තිබීම මේ රටේ ප්‍රගතිශ්ලී මාධ්‍යස්ත ජනතාව ලබූ ජයක් . රටට මව්බිමට මාතෘ භූමියට ජය වේවා.
Reply : 759 346
narada Wednesday, 09 October 2019 06:15 AM
මේ ආණ්ඩුව බයිසිකල්වලින් යන තරුණ තරුණියන්ට පුංචි කාර් දෙන්න ඇවිත් වුනේ අලුතින් ලක්ෂ ගානකට සමුර්ධිය දෙන්න. කොහෝමද ප්‍රගතිය
Reply : 151 215
Buddika Wednesday, 09 October 2019 06:19 AM
කොහොමත් මේක අලුත් දෙයක් නොවෙයි.
Reply : 3 36
jayasekara Wednesday, 09 October 2019 06:24 AM
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.....
Reply : 2 18
jayasekara Wednesday, 09 October 2019 06:26 AM
චන්ද්‍රික මැඩම්ට මොකද දැන් වෙන්නේ??....... අහෝ කේදයකි....
Reply : 3 329
Suranimala Wednesday, 09 October 2019 12:41 PM
වහාම පෙරට ඇවිල්ලා බණ්ඩාරනායක මහත්මයා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරගන්න දැන්වත් කටයුතු කරන්න.
Reply : 9 158
kapi Wednesday, 09 October 2019 06:26 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසානය. මිනී පෙට්ටියේ අන්තිම ඇණයද ගැසූ වගයි........
Reply : 147 548
Gamarala Wednesday, 09 October 2019 06:42 AM
ඔබගේ වැදගත් තීරණයට අපේ හෘදයාන්ගම ස්ත්තුතිය මෙයින් පළකරමු. අපට ඇත්තේ “එක්ව රැකෙමුද, වෙන්ව වැනසෙමුද යන්න මිස වෙනම යන ගමනක් නොවන බව දෙපාර්ශවයම හොඳින් සිහි තබා ගෙන කටයුතු කලොත් අපිත් ගොඩ , රටත් ගොඩ. එකම පවුල දෙකට බෙදීමේ විපාක පසුගිය වසර කීපය තුල අපි වින්ද ඇති. බේද ඇති කර නොගෙන අපේ ගමන යමු . ජයවේව ඔබ සැමට.
Reply : 520 222
පිටිගල මිලානෝ Wednesday, 09 October 2019 06:43 AM
හිරේ ඉන්න දුමින්ද සිල්වයි තංගල්ලේ සභාපතියි තරම් කවුරුත් සතුටු වෙන්නේ නැතුව ඇති මේ තීරණයට. මේ දෙන්නට නිදහස දීලා නැවත දේශපාලනයට ගන්නවා. නිදහස නොදෙනවා කියලා කිසිම තැනක කියලා නැහැ.
Reply : 92 525
amila Wednesday, 09 October 2019 07:04 AM
UPFA SLPP SLFP =52% , 2018 ඡන්දෙදි . ජය වේවා. ගෝඨා ජනපති වෙනවා.
Reply : 755 203
පිටිගල මිලානෝ Wednesday, 09 October 2019 07:14 AM
රට දියුණුවෙන් දියුණුවට පත් කිරීමට ගොටාභය සමග පෙරට එන නිමල් ලාන්සා, දුමින්ද සිල්වා, මහින්දානන්ද, ජොන්ස්ටන්, රත්තරන් රෝහිත, ඉන්දික මහත්වරුන්ට මාගේ ප්‍රණාමය.
Reply : 160 636
Issara NIL Wednesday, 09 October 2019 07:26 AM
නිල් පාට මිනි පෙට්ටි ලාබයි......ලාබයි
Reply : 85 226
P.Ilangaratne. Wednesday, 09 October 2019 07:41 AM
බණ්ඩාරනායක මහත්මය හැදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ දියණිය විසින් විනාශ කරන ලදී.
Reply : 348 314
nuwan Wednesday, 09 October 2019 07:54 AM
මේ ගොල්ල හොරගල් අහුලා අහුලා හිටියේ. ඇල්පිටියේ ආණ්ඩු රැස්වීමේ සෙනග දැක්කම තීරණය ගත්තා.
Reply : 22 62
චමින්ද Wednesday, 09 October 2019 08:23 AM
1970 ත් 1977 ත් අතර සමගි පෙරමුණු රජය කාලේ පාසැල්වල පෙන්නුව ගමනක අවසානය කියා චිත්‍රපටයක්.එයින් කියවුනේ බණ්ඩාරනායක මහතාගේ කථාව.එම කථාව නැවත සංස්කරණය කලොත් නරකද
Reply : 1 1
peiris Wednesday, 09 October 2019 08:27 AM
පුදුම වෙන්නත් දෙයක්ද? මුල ඉදන්ම කළේ රාජපක්ෂලා එක්ක හොරෙන් ඩීල් අරන් ආණ්ඩුව කාපු එකනේ.දැක්කනේ පහුගිය ඔක්තෝම්බර් වල ? පහුගිය පළාත් පාලන ඡන්දේ සිරිසේනට ලැබුණු ඡන්ද වලින් 80% එහා යුඇන්පී ඡන්ද.බැදුම්කර කතාව නිසා ලැබුණු ඡන්ද. පොහොට්ටුව ගත්තේ එයාලගේ උපරිම ඡන්ද ගත්තේ ඒ ඡන්දෙදි.සජිත් නිසා ඔය ප්‍රතිඵල සෑහෙන්න වෙනස් වෙනවා. වැඩි වාසිය ගෝඨාභයට උනාට සුළු ජාතික ඡන්ද වලින් ලොකු වෙනසක් වෙනවා.
Reply : 55 468
Bamunuarachchi Wednesday, 09 October 2019 01:28 PM
ඒ කියන්නේ මේ සිංහල රටේ ඔබ වැනි සිංහලයින් දෙමළාගෙන් හම්බයාගෙන් යැපෙන්න හදනකොට මේ සිංහල අපිට ලැජ්ජයි හලෝ... හැබැයි මට නම් ඔබ සිංහලයෙක්ද කියා හඳුනා ගන්න ක්‍රමයක් නැත. සිංහල අපිට ශාපයක්...
Reply : 114 7
sirimal Wednesday, 09 October 2019 08:48 AM
වසර 68ක් අපරටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්ව සඟ,වෙද,ගුරු,ගොවි කම්කරු ජනතාව නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ගමනක අවසානය’ අද සිදුවිය. අද ශ්‍රීලනිපය මැතිවරණයකට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ගැනීමට නොහැකි වන තරමට අනාතවී ඇත.
Reply : 2 1
sathyapala Wednesday, 09 October 2019 09:19 AM
දූෂිත දේශපාලකයෝ කොහොමත් එකතු වෙනවා.ඒ හැටිනේ.
Reply : 15 343
ඉන්දික Wednesday, 09 October 2019 09:32 AM
2015 මහින්ද රාජපක්ෂ දුෂිතයෙක් බව පවසමින් බලයට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි එම කදවුරම තෝරා ගැනීම පුදුම සහගතයි. ජනතාව වශයෙන් අප කල යුත්තේ කුමක් ද යන්න ගැටලුවකි. එදා කිවු ආකාරයට අද මහින්ද ඇතුළු පිරිස හොදද ? අපි දැන් පිළිගත යුත්තේ එදා කිවි දේද නැතිනම් අද කියන දේද ? සියල්ල මේ රටේ බුද්ධිමත් ජනතාවට බාරය.
Reply : 26 160
Wasudewa Wednesday, 09 October 2019 12:33 PM
ඉන්දික ඔයාගේ කතාව සහතික ඇත්ත.. එදා යහපාලනයෙන් ජනාධිපති දිනලා කිව්වේ මේ මහජන මුදල් හොරාකාපු හොරුටික හිරේ දාලා අවුරුදු 4 න් විශ්‍රාම සුවයෙන් පොළොන්නරු ගිහින් ගෙදරට වෙලා ඉන්නවා කියලා. එ්ත් දැන් කොහොමද... හොරුත් එක්ක එකතුවෙලා පොහොට්ටුව දිනවල පාර්ලිමේන්තු ගිහින් තනතුරක් ගන්න තමයිලු ලෑස්තිය. අනේද කියන්නේ...?
Reply : 2 160
sirimal Wednesday, 09 October 2019 09:54 AM
ගෝඨාභයට උදව් කරනවා හැබැයි පොදුජන පෙරමුණට එහෙම නෙවේ. "පව් පිරෙන හන්දා අපි මස් කන්නේ නැහැ. හොදි එක්ක විතරක් දෙන දෙයක් කනවා."
Reply : 1 11
සෙන්දේ Wednesday, 09 October 2019 10:01 AM
මෙවර හොරුත් එක්ක ඩීල් නොදාන උගත් පිරිසක් සමග සිටින එකම අපේක්ෂකයා මහේෂ් සේනානායක පමණයි.ජනතාවට දියෙන් කිරි වෙන් කරගැනීමට හැකියාව ලැබී ඔහු ජයග්‍රහණය කළහොත් රටට හොඳ කලක් ඒවී.
Reply : 2 1
කපුරුහාමි Wednesday, 09 October 2019 11:07 AM
සහය ගෝටාට උනත් චන්දෙ දෙන්නෙ කාටද කියන එක තියෙන්නේ ජනතාව අතේ. අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගෙන හිතා බලා බුද්දිමත් තීන්දුවක් ගන්ඩ ජනතාවට මොලේ පෑදේවා .
Reply : 1 2
chandra Wednesday, 09 October 2019 11:48 AM
සුදුවෑන් ක්‍රමය නැවත හදන්න... මිනීමරු පාලනය නැවත හදන්න. අධිකරණයේ ආධිපත්‍ය හා ස්වාධීනත්වය නැති කර රාජපක්ෂ පවුල්වාදය නැවත හදන්න එකතු වෙලා. එකතු වුනේ නැතිනම් මේ අයට පැවැත්මක් නැහැ...
Reply : 2 4
Mahida Wednesday, 09 October 2019 12:02 PM
බණ්ඩාරනායක මහත්තයයි ,සිරිමාවෝ මැතිනියයි මොනවා හිතයිද?
Reply : 2 2
Samithasena Aluthgamage. Wednesday, 09 October 2019 01:27 PM
මෛත්‍රීපාල මහතාගේ ග්‍රහණයෙන් තවත් ටික කලකින් මේ රටත්, අපත් මිදෙනවා. ඒ ගැන සිතෙනාවිටත් ගතට, සිතට දැනෙන්නේ පුදුම සතුටක්... අපගේ කැමැත්ත කුමක් වුවත්,මහින්ද මහතාට, ඝෝටාභය මහතාට සහ සජිත් මහතාට කිසියම් ප්‍රතිපත්තියක් තියෙනවා. අප එයට ගරු කරනවා. ඒත් ගලෙන්ම ඇතිවී ඒ ගල කා දමන දියමන්තිය සේ මෛත්‍රීපාල මහතා මේ රටේ ජනතාවගේ ප්‍රධාන පක්ෂ දෙකම දියකර දැම්මා... ඒත්, මෙතරම් අඩු ඡන්ද ප්‍රතිශතයක් ඇති එතුමාව නැවත සම්බන්ධ කර ගැනීම එතරම් හොඳකට හිටින එකක් නැහැ. අර මොන සතාගේද මන්දා වලිගය කිසිදාක කෙලින් කරන්න බැහැලු. මේ සටනේදී පොහොට්ටුව දිනුවොත්, එසේ ඔවුන් දිනුවේ තමන් නිසා යයි ඔහු කියාවි. දත් නැති දිවට ඕනෑම දෙයක් කිව හැකියි.
Reply : 1 74
Ossan Salam Wednesday, 09 October 2019 01:31 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල ආධිපත්‍ය හෙමින් හෙමින් බණ්ඩාරනායක පවුලෙන් ගිලිහී දැන් රාජපක්ෂ කඳවුර විසින් එම බලය ගිලගෙන අවසන්... මෙම පරිවර්තනය සමගම ශ්‍රීලනිපයට අන්තිම ඇණයත් ගසා හමාරයි. පොදුජන පෙරමුණ යනු ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් නොව තනි පවුලක පුද්ගලිකව ඒකාධිපති තීරණයන් ගන්නා එක්තරා සංස්ථාවකි.
Reply : 4 12
Wasantha Wednesday, 09 October 2019 01:52 PM
සජිත් ඉවරයි. නිදහස් පක්ෂ ඡන්ද ටික එකතු වුණාම ගෝඨාට කෙලින්ම ලක්ෂ 68ක් ශුවර්...
Reply : 24 6
Chandana Wednesday, 09 October 2019 01:57 PM
රටේ නායකයා තෝරා ගැනීමේ පරම බලය සුළු ජන කොටස්වලට ලැබුණු සුවිශේෂී ඡන්දයක් මේක.. ඔවුන් රට පැසිස්ට්වාදී පුද්ගලයකුට යවන්නේ නැහැ.
Reply : 2 8
සෙනෙවිරත්න Wednesday, 09 October 2019 05:30 PM
ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදුවේ යැයි මාක්ස් කියා ඇත. වරක් විගඩමක් ලෙසින් සහ ඛේදවාචකයක් ලෙසින් විවිධ ස්වරූපයෙන් මෙම ඡන්දයෙන් පසු විවිධ පුද්ගලයින්ට දිස්වනු ඇත...
Reply : 1 38
Nishan Wednesday, 09 October 2019 10:54 PM
ඔබ කිව්වා හරියටම හරි. පොහොට්ටුව බිහිකළේ මහින්ද සහ සිරිසේන එකතු වෙලා. සිරිසේන ජනාධිපති තමයි පොහොට්ටුවට හැදෙන්න ඉඩ දුන්නේ... එහි නායකයන් සියලු නඩුවලින් ආරක්ෂා කලේ. එහෙමකලේ අනාගතයේ යම් දිනෙක පොහොට්ටුවට යන්න බලාගෙන... මේ සිද්ද වුනේ එ්ක තමයි. මෙහි අමුතු දෙයක් සිද්ද වුනේ නෑ.
Reply : 1 3
Bandara Thursday, 10 October 2019 12:17 AM
නියමයි. එජාපයට ඇපත් නැහැ මේ පාර...
Reply : 35 81
gas gemba Thursday, 10 October 2019 01:45 AM
අපේ බුද්ධිමත් ජනතාවහේ මතකය ඉතා ඉහලයි.
Reply : 1 18