IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනිප සංවත්සරයට පොහොට්ටුවටත් ආරාධනා

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 68 වන සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ආරාධනා පත‍්‍රයක් යොමු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

කොළඹ, සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 3 වැනිදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත පක්‍ෂ සංවත්සරය සඳහා සන්ධානය සමඟ කටයුතු කරන සියලූ දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් වෙත ද ආරාධනා පත‍්‍ර යොමු කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.

එසේ නොමැතිව කිසිම පුද්ගලයකුගේ නමට ආරාධනා යොමු කරන්නේ නැතැයි කී අමරවීර මහතා එම පක්‍ෂ විසින් නම් කරන නියෝජිතයින් සංවත්සර සැමරුම සඳහා සහභාගී වනු ඇතැයි ද කියා සිටියේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (28) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පක්‍ෂ සංවත්සරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ ශ්‍රීලනිපයේ සිට වර්තමානයේදී පොදුජන පෙරමුණට හා එක්ව සිටින මන්ත‍්‍රීවරුන්ට ආරාධනා කර තිබෙනවාද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියා ප‍්‍රශ්න කළේය.

පක්‍ෂයේ අයට මෙයට සහභාගී වීමට ආරාධනා අවශ්‍ය නැති බවත්, පක්‍ෂය වෙනුවෙන් ඔවුන්ට සහභාගී විය හැකි බවත් අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (13)

ශ්‍රීලනිප සංවත්සරයට පොහොට්ටුවටත් ආරාධනා

Hafeel Wednesday, 28 August 2019 10:14 AM

බලාගෙන ඉන්න ඒ ගොල්ලෝ එනකම්... ඔයලාටත් ලැජ්ජා නැහැ... පොහොට්ටුවටත් ලැජ්ජා නැහැ.

:       0       134

විජිත් Wednesday, 28 August 2019 02:43 PM

හෆිල් මල්ලි, මේ අයට ලැජ්ජාව ඇත්තේම නැහැ. මුනුත් එකයි උනුත් එකයි.. දෙගොල්ලෝම කම්බා හොරු. දෙගොල්ලෝ වෙන්වෙලාම තිබුණා නම්... ඡන්ද කාලේදී ඒ පැත්තේ එකෙකුට (වහලෙකුට) මේ පැත්තේ අය ගහනවා. ඊටපස්සේ ගුටි කාපු අය ඇවිත් ගුටි දුන්නු වහල්ලුන්ට ගහනවා. මොලේ ඇත්තෙම නැති වහල්ලු මැරෙනවා දෙපැත්තෙන්ම... වහල් හිමියෝ මොවුන්ව කොටවනවා... අරක්කු බාගයක්, රුපියල් 1000ක්, බත් පැකට් එකක්, වගේ දෙයක් දීලා. ඡන්දෙන් පස්සේ වහල් හිමියෝ යාලුවෙනවා. ඔවුන් ජයපැන් බොනවා එකට එකතුවෙලා ලොකු ලොකු හෝටල්වල... දිනපු පැත්තෙයි පැරදුණු පැත්තෙයි "වහල්ලු" එදාට සමහරවිට 7 දවසේ දානයක්, එහෙමත් නැතිනම් 3 මාසේ මළවුන්ට දානයක්.. (ඡන්ද කාලේ මරුණු වහල්ලු වෙනුවෙන්) දීලා ...අායෙත්.. ජීවිතය ගැටගහ ගන්න. දවසේ කුලියට, මොනවා හරි රස්සාවකට යනවා. මෝඩ වහල් මිනිස්සුනේ, නුඹලා තවමත් පරක්කු නැත. අදවත් තීරණයක් ගනිල්ලා. මේ පාර උගත්, බුද්ධිමත්, රටට අවංකවම ආදරය කරන අලුත් කණ්ඩායමකට ඔබගේ වටිනා ඡන්දය දී අපේ ලස්සන එහෙත් අවාසනාවන්ත රට බේරාගන්න, ඔබගේ දරුවන් වෙනුවෙන්...

:       0       105

Amila Wednesday, 28 August 2019 10:31 AM

නිකන් හරියට ගෙදර බඩු හොරකම් කරන් ගියා... හොරුන්ට උපන්දිනේට ආරාධනා කරා වගේ.. ගමයෙකුයි කොන්දොස්තරවරයෙකුයි පක්ෂයක් කරන හැටි...

:       0       109

sirimal Wednesday, 28 August 2019 10:42 AM

"අයියෝ සිරිසේන"

:       0       45

Cadic_AUS Wednesday, 28 August 2019 11:09 AM

හැමෝම එක්ක සහෝදරත්වයෙන් එක්කාසු වෙලා ලංකාව ගොඩ නගන්න උත්සාහ කරන්න. ඇති හොඳටම පක්ෂ, පාට එක්ක ජීවත්වුණා. යූ.එන්.පී එකටත් ආරාධනා කරන්න. උගත්, බුද්ධිමත්, තරුණ පෙළක් එක්ක රට ඉස්සරහට අරන් යන්න. අපි හම්බ කරලා සල්ලි ලංකාවට එවන්නම්. අපිට නිවාඩුවට ඇවිත් නිදහසේ ඉන්න ලස්සන ලංකාවක් ගොඩ නගන්න. එ්ක තමයි අපිට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ. වෙන මොකුත් එපා දෙවියනේ...!

:       2       204

Chathuri Wednesday, 28 August 2019 01:06 PM

පොහොට්ටුවේ නායකයා, පෙර සභාපතිකම දරුවා කෙරුව වැඩේ වැරදි කියන්නත්, හොඳ නරක තේරුම් ගත හැකි පුද්ගලයෙක්... දැන් කියන්න තියෙන්නේ පක්ෂය කඩාගෙන හොරෙන් ගිය අය අතින් අල්ලා නවත්තන්නට බැහැ... මේ වගේ අය ගමෙත් නැහැ... ලොවෙත් නැහැ.

:       0       2

jayantha Wednesday, 28 August 2019 02:37 PM

මිනිස්සුන්ට ලැජ්ජාව වහගන්නලු ඇඳුම් අඳින්නේ.. මෙයාලා මෙහෙම කරන්නේ ඇඳුම් ඇඳගෙනද කියා හිතෙනවා.

:       0       3

isuru Wednesday, 28 August 2019 02:39 PM

රාජපක්ෂලාට හරි ඇමති කට්ටක් සූප්පු කරන්න හිතිලා

:       0       3

kamil Wednesday, 28 August 2019 02:40 PM

අනේ මන්දා මෙයාලා රාජපක්ෂලාට වළං හෝදලා හරි ඇමති කට්ටක් සූප්පු කරන්න හිතිලා...

:       0       5

Prabha Wednesday, 28 August 2019 05:10 PM

පීචන් වෙන එකත් සීමාවක් තියෙනවා දෙයියනේ... ශ්‍රී ලංකාවට ගියපු කලක්..

:       6       4

Chanak los angeles Wednesday, 28 August 2019 09:01 PM

මහින්දව විපක්ෂනායක ලෙස පිළිගන්නේ කොහොමද? ඔහු දැන් පොහොට්ටු පක්ෂයේ නායකයා .පක්ෂ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගතහොත් ඔහු සිටින පක්ෂයේ සාමාජිකත්වය හා තිබුණු බලතල නිකම්ම අහෝසි වී යනවා. මහින්ද නීතිවේදියෙක්ලු නේද? එහෙම නම් මේවා වෙනකොට නවතා ගන්නවා.. මෙහෙම වෙලා තිබෙනකොට නීතිය ඔහු විසින් ඉගෙනගෙන සමත් වුණාද? නැතිනම් කුමාරයා වගේ දොරවල් වහගෙන නීති විභාගය ලියාගෙන සමත් වුණාද කියන ප්‍රශ්නය මට නම් එනවා ..

:       0       0

gunarathnaThursday, 29 August 2019 10:57 AM

මහින්ද ශ්‍රීලංකා ඉඳල පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තනම් ඒකට විනය ක්‍රියා මාර්ග ගන්ට ඕනේ ශ්‍රීලංකා එකේ ලේකම්. එහෙම ක්‍රියාමාර්ගයකින් ඔහුව පක්ෂයෙන් ඉවත් කලොත් ඔහුගේ තනතුරු සියල්ල අහෝසි වෙනවා. මහින්ද තවමත් ශ්‍රීලංකා එකේ අනුසසක වරයෙක්. මම කියන්නේ ශ්‍රීලංකා එකේ කාට ඕනේ උනත් මහින්දට විරුද්ද වෙන්ට මෛත්‍රි ඉන්නකන් බැහැ.

:       0       0

gunarathna Thursday, 29 August 2019 01:00 AM

ඇත්තටම පිස්සුද? උපන් ලෙඩක්ද මන්දා. පොහොට්ටුවේ සමුළුවට ගියා කියලා විනය ක්‍රියාමාර්ග ගන්න හදන අය පොහොට්ටුවට ආරාධනා කරන්නට හදනවා ශ්‍රී ලංකා සමුළුවට එන්න කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site