(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම තම පාර්ශවය විසින් ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.
එමෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට සූදානම් යැයිද ඔහු කීය.
එහිදී ඔහු මෙසේද පැවැසීය.
වෙනත් කිසිඳු මැතිවරණයක දී නොවුණ ආකාරයෙන් මේ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා වෙනවා. සිමෙන්ති බෙදාහැරීමෙන් ඇරඹි මෙම භාණ්ඩ බෙදාහැරීම දවසින් දවස ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කරන මෙම අවස්ථාවේදී ඇතැම් පුද්ගලයන් කිහිප දෙනෙකු ඊට බාධා වන ආකාරයට හැසිරෙනවා. එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. රට ගොඩනැගීම හා ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් පැහැදිලි දැක්මක් හා සැලැස්මක් සහිත නායකයකු පත්කර ගැනීමට මේ මොහොතේ දී ජනතාව සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගම් කාර්යාලය විවෘත කිරීමෙන් පසුව අද (1) මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
COMMENTS
අයියා කියන දේ අහනවා කියල මේ වගේ වැඩ කරනවද?
හොරු වෙනුවෙන් හොරු.
දැන් සාටකයන්ට වෙන්නේ සාටකයත් බෙල්ලේ ඔතාගෙන ඔවුන්ගේ අනුගාමිකයන් එක්කම බේරේ වැවට පනින්න තමයි.
පහුගිය ජනාධිපතිවරණය පැරදුණු ගමන් පැය 24ක් ගතවෙන්න කලින්, ඔහුගේ ඇමෙරිකාවට ගිය මේ මිනිහා, දැන් කියනවා රටේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට සූදානම් කියලා.
මෙහෙම කියමු අපි ඕක සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දණගස්සන්න හැකි උපරිම පියවර ගන්නවා.
වෙනත් කිසිඳු මැතිවරණයක දී නොවුණ ආකාරයෙන් මේ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා වෙනවාලු ! අනේ දෙවියනේ මැරිලා ඉපදිලා ඉන්නේ අපිද මෙගොල්ලොද ??
අන්තිමට ජනාධිපති අපේක්ෂකයා බැසිල් වෙන්නත් පුළුවන්.