IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපයේ තනතුරු කිහිපයක වෙනසක්

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර  නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද (26) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම පත්වීම් සිදුකරනු ලැබ ඇත.

එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ පසුගිය කාලය පුරා ශ්‍රීලනිපයේ කටයුතු වලින් ඉවත්ව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම නිසා ඔවුන් පක්ෂයේ දැරු තනතුරුවලින් මෙසේ ඉවත් කර ඇත.

මේ අතර ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රීලනීප ජාතික ලැයිස්තුවෙන් පත්වී වෙනත් පක්ෂ වලට එක්ව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගතයුතු බවට යෝජනාවක්ද මධ්‍යම කාරක සභාවේ දී අනුමත වී ඇත.

වයඹ පළාතේ ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා එය ස්ථිර කර ඇත.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද මධ්‍යම කාරක සභා රැස්වීමේදී අදහස් ඉදිරිපත් වී ඇති නමුත් ඒ පිළිබඳව තීරණයක් නොගත් බව මධ්‍යම කාරක සභිකයෙක් සඳහන් කළේය.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට  දින තීරණය කිරීමක් හෝ නාම යෝජනා කැඳවීමක් සිදුව නැති බැවින් දැන්ම ඒ ගැන තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි පවසා ඇත.

ජනාධිපතිවරණයට තව කල් ඇති බැවින් ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කළ යුතුව ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර පළාත් පාලන ආයතනවල විනය කඩකර ඇති මන්ත්‍රීවරුන්ට එරෙහිව ආරම්භ කර ඇති විනය පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යාමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ලබන මස තුන්වැනිදා පැවැත්වෙන පක්ෂයේ 68 වන සංවත්සරය ගැනද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ එස්.බී දිසානායක,  ඩිලාන් පෙරේරා, ආචාර්ය සරත් අමුණුගම සහ රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් කිසිවකුත් මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වී නොමැත.



අදහස් (11)

ශ්‍රීලනිපයේ තනතුරු කිහිපයක වෙනසක්

සනත් වීරකෝන් Monday, 26 August 2019 07:08 PM

නැව ගිලෙනකොට මීයෝ මුහුදට පනිනවලු.

:       3       14

sirimal Monday, 26 August 2019 07:20 PM

ගමනක අවසානය.

:       3       98

Roshan Tuesday, 27 August 2019 12:30 AM

අයින් කරපු හොරු , නැවත පත්කරපු හොරු සහ දැනට ඉන්න හොරු අතර මොකක්ද වෙනස? පසුගිය අවුරුදු 70 තුල සිටින කිසිදු නියෝජිතයෙකුට මේ පාර ඡන්දය දෙන්න එපා.

:       0       17

chandima Tuesday, 27 August 2019 01:17 AM

එපාර මුහුණු මාරුකරලා එන්න වගේ යන්නේ?

:       0       22

ගල්කටස් Tuesday, 27 August 2019 01:32 AM

ජනාධිපති මැතිවරණ ගැන කල් මරන්නෙ සජිත් අපෙක්ෂකයා කිරීමට හෝ එතුමාම ජනාධිපති වරණයට ඉදිරිපත් වීමට විය හැකිය.

:       1       7

රවින් Tuesday, 27 August 2019 01:37 AM

මොන පක්ෂයක හෝ වේවා , පක්ෂයේ විනයක් තිබිය යුතුය. ඒ පැත්තට මේ පැත්තට පනින රිලවුන් එක පක්ෂයකින් එලවනවා වගේම අනිකුත් පක්ෂත් ඔවුන්ව බාරගැනීම ද නොකලයුතුය. හැම පක්ෂයකම ඔවැනි අයවලුන් සිටීමෙන් වෙන්නේ එම පක්ෂයේ ප්‍රගතිය මෙන්ම අනික් පක්ෂයේ ප්‍රගතියද කඩාකප්පල් වෙන එක පමණි.

:       0       47

lalithm Tuesday, 27 August 2019 03:14 AM

අස් කල එක හරි. ඒත් වීරකුමර වුනත් ශ්‍රීලනිප නොවෙයිනේ.

:       0       3

Amila Tuesday, 27 August 2019 04:10 AM

ජාතික ලැයිස්තුවෙන් ආපු අයව ඉවත් කරන්න නීතිමය ගැටලුවක් නැතුව ඇති මොකද ඔවුන් තරග කරලා පත්වුන අය නොවන නිසා.. හැබයි ඉතින් ඔය ඔක්කොම එකතුනේ. ඉතින් ඕවා ලේසියට කරන්නේ නෑ.

:       0       15

JAYATH Tuesday, 27 August 2019 04:22 AM

මේ නිකන් බොරුවට "පඩ " ෂෝ දැම්මට මෙයාලට පොහොට්ටුවේ එල්ලෙනවා ඇරෙන්න වෙන සරණක් නැහැ . තනියම ඇවිත් බලන්න කියන්න මොකද වෙන්නේ කියල . සමහරවිට හිතාන ඇති සජිත් ගේ පිටේ නගින්න . සජිත් ජනපති උනත් රනිල් ඉන්නකන් මෙයාලට සරණක් වෙන එකක් නැහැ. හැබැයි ලංකාවේ තියන මජර දේශපාලන ක්‍රමය හින්ද ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. රොත්තම එතකොට අනිත් පැත්තට පනිනවා

:       22       32

Bamunuarachchi Tuesday, 27 August 2019 05:46 AM

ලගදීම මහ තනතුරත් වෙනස් වෙන එකේ අනික් තනතුරු ගැන මොන කතාද.?

:       5       32

janith Tuesday, 27 August 2019 01:01 PM

කවදත් ඔය දෙපත් නයි නිසා තමයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙම වෙලා තියෙන්නේ. ඉදිරියේදී තරාතිරම නොබලා දැඩි තීන්දු ගන්න .

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 873 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site