IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපය ආණ්ඩුව ආරක්ෂා කිරීමට සූදානමින් සිටින බව ජි.එල් කියයි

(නාලක සංජීව දහනායක)
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්දය වර්ජනය කිරීමෙන් පෙනී යන්නේ  වත්මන් ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට ඔවුන් තවදුරටත් සූදානමින් සිටින බව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (18) පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙලෙස ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් එය ඉදිරියේදී පවත්වන සාකච්ඡාවලට බලපෑමක් එල්ලකරන බවද ඔහු කීය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවැසීය.

'විදේශගතවන රණවිරුවන් ඒ රටවලදී අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ජීනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව අනුව රටවල් 17කට රණවිරුවන්ට ඇතුළුවීමට අවස්ථාවක් නැහැ'

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කරුණු ඇතුළත්ව ඇතැයි සඳහන් කළ මහාචාර්යවරයා ඒ සම්බන්ධනයෙන් ඉතාම දුර්වල අනුවණ ක්‍රියාමාර්ගයන් ලංකා රජය අනුගමනය කරන බවද කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. 
 



අදහස් (0)

ශ්‍රීලනිපය ආණ්ඩුව ආරක්ෂා කිරීමට සූදානමින් සිටින බව ජි.එල් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site