(නාලක සංජීව දහනායක)
එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්දය වර්ජනය කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඔවුන් තවදුරටත් සූදානමින් සිටින බව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (18) පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙලෙස ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් එය ඉදිරියේදී පවත්වන සාකච්ඡාවලට බලපෑමක් එල්ලකරන බවද ඔහු කීය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවැසීය.
'විදේශගතවන රණවිරුවන් ඒ රටවලදී අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ජීනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව අනුව රටවල් 17කට රණවිරුවන්ට ඇතුළුවීමට අවස්ථාවක් නැහැ'
ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කරුණු ඇතුළත්ව ඇතැයි සඳහන් කළ මහාචාර්යවරයා ඒ සම්බන්ධනයෙන් ඉතාම දුර්වල අනුවණ ක්‍රියාමාර්ගයන් ලංකා රජය අනුගමනය කරන බවද කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්‍රීලනිපය ආණ්ඩුව ආරක්ෂා කිරීමට සූදානමින් සිටින බව ජි.එල් කියයි