IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ශ්‍රීපාද මාර්ගය නල්ලතන්නිය දක්වා පුළුල් කරයි

රංජිත් රාජපක්ෂ                        
 
එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රී පාද මාර්ගයේ නල්ලන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් ආරම්භ කර ඇත.


මෙතෙක් එම මාර්ගය එක් වාහනයකට පමණක් ධාවනය කිරිමට අඩි 8 පමණ මාර්ගයක් තිබු අතර එම මාර්ගය මං තීරු දෙකක් වශයෙන් ප්‍රතිසංස්කරණය කරන බව නොර්වුඩ් මහාමාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා කීවේය.


මවුස්සාකැලේ ජලාශයට ඉහළින් ඉහළි කඳු මුදුණේ සිට පරිසර හිතකාමී ලෙස පස් කපා ඉවත්කර මෙම මාර්ගය පුළුල්කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ආරම්භ කරන ලදී.


ශ්‍රීපාද වන්දනා සමයේ දී මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය නගර දක්වා මාර්ගය පටු නිසා ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගෙන එන  රථවාහන ධාවනයේ දී   ගැටලු රැසක් මතුවී තිබේ.


ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කළ ඉල්ලීමක් අනුව මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.


2018-2019 ශ්‍රීපාද වන්දනා වාරය මේ මස 22 වැනි දා ආරම්භ වන අතර ඊට ප්‍රථම එම මාර්ගයේ මංතීරු දෙකක් රථවාහන ගමනාගමනයට එක් කරන බව නොර්වුඩ් මහාමාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා කීවේය.

 



අදහස් (3)

ශ්‍රීපාද මාර්ගය නල්ලතන්නිය දක්වා පුළුල් කරයි

Aruna Thursday, 06 December 2018 07:59 AM

සාදු සාදු සාදු!!!!!!!!!!

:       3       183

wedage Thursday, 06 December 2018 11:01 AM

නාය යන අවදානමක් තියෙනවා වගේ පෙනෙනවා

:       0       0

ajith Thursday, 06 December 2018 11:20 AM

වැඩේ ගොඩක් හොදයි. හැබැයි ඉංජිනේරුවෙක් විදයට මට පේන්නේ කපපු කදු වල ආනතිය ටිකක් වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 620 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site