IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වී මිල වැඩි කරනවා - ඇමති අමරවීර

(රන්න චන්ද්‍රසේන ගමගේ)
දැනට බල පැවැත්වෙන රජයේ සහතික වී මිල ඉදිරි දින කිහිපයේදී ඉහළ දැමීමට කුටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (01) දින වලස්මුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී පැවසීය.


වලස්මුල්ල ගොවිජන බල ප්‍රදේශයේ ග්‍රාමීය ගොවීන් සඳහා දෙමුහුන් ගම්මිරිස් පැල ලබා දීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමතිවරයා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේද පැවසීය. ‘මේ රටේ වී ගොවියාට යම් සහනයක් ලබා දීමේ අරමුණ ඇතිව වී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදි වී අලෙවි මණ්ඩලය විසින් ගෙවන ලද මිල ඉදිරි දින කිහිපයේදි ඉහළ දැමීම සදහා මේ වනවිට තමන් ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් යනවා. එමෙන්ම සහතික වී මිල ඉහළ දැමීම සඳහා ජනාධිපතිතුමාගේ කැමැත්ත ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරිදින කිහිපයේදී සහතික වී මිලේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.


වි මිල ඉහළ ගියද මෙ රටේ පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම කෙරෙහිත් ආණ්ඩුව මැදිහත් වෙන බව සදහන් කළ යුතුයි. ඉතිහාසයේ පලමු වරට වි අළෙවි මණ්ඩලය මගින් මිලදි ගනු ලැබූ වී සහල් බවට පත් කොට පී.එම්.බී රයිස් නමින් පසුගිය දා අපි වෙළෙඳපළට නිකුත් කළා.


මීට වසර 25ට පමණ පෙර අපේ අපනයන ක්ෂේත්‍රය තුළ කෘෂිකර්මාන්තයට සියයට 29 ක පමණ පංගුවක් හිමිව තිබුණා. එය ක්‍රමයෙන් අඩු වී ගිය අවුරුද්ද වෙනකොට එය  සියයට 7.9 දක්වා අඩු වී තිබුණා. කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් මම මේ තත්වය වෙනස් කිරීම සඳහා පියවර ගනිමින් සිටිනවා. ඉදිරියේදී මෙරට ජාතික ආදායමෙන් වැඩිපංගුව කෘෂි ක්ෂේත්‍රයෙන් ලබාදීමටත් අපනයන ක්ෂේත්‍රයේ වැඩිපංගුව කෘෂිකර්මාන්තයෙන් ලබා දීමටත් කටයුතු කරනවා. මෙරට වගා කළ හැකි කිසිඳු භෝගයක් ආනයනය කිරීමට රජය කිසිඳු සහනයක් ලබා නොදෙන බවත් ඒවාට දැඩි කොන්දේසි පනවනවා මෙන්ම ඉහල බදු අය කරන බවද මෙහෙදී සිහිපත් කළ යුතුයි.‘‘ යැයි පැවසීය.



අදහස් (13)

වී මිල වැඩි කරනවා - ඇමති අමරවීර

chamath Saturday, 01 December 2018 04:02 PM

ජය වේවා ඇමතිතුමා !!!!!!

:       30       21

Bamunuarachchi Saturday, 01 December 2018 11:13 PM

එතකොට බත් කන මිනිස්සු තණ කොලද කන්නේ. එහෙනම් ඉන්දියාවෙන් හාල් ගෙනෙන එක බත් කන මිනිසුන්ට කරන ලාභයක් නේද? අපෙන් උදුරලා ගොවියන්ට දෙන්න ලැහැස්තිවෙන්න එපා. ඉන්දියාවේ සහල් නිෂ්පාදනය ලාභ වෙන්නත් අපේ සහල් නිෂ්පාදනය මිල අධික වෙන්නත් හේතු සොයාබලා ඒවාට ප්‍රතිකර්ම යොදන්න .

:       26       28

ධනුෂ්කSunday, 02 December 2018 03:30 PM

ඉන්දියාවේ මිලට සමාන කරන්න නම් ලංකාවේ මිනිසුන්ගේ සියළු වියදම් 50%ක් වත් අඩු කරන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය හා ජීවන වියදම් ඉහළ ගියාම ගොවියට වෙනවා වැඩිමිලට විකුණන්න. නැත්නම් ගොවිතැන් නොකර ඉන්න. සහල් රටින් ගෙන්නන්න ගියොත් ඩොලරය තවත් ඉහළ යයි. ඔබතුමා රජතුමාට කතිරය ගහනවා වගේ ලේසියෙන් කරන්න බෑ.

:       0       1

BamunuarachchiMonday, 03 December 2018 09:12 AM

හලෝ අපි කතා කරන්නේ සහල්මිල වැඩිවීම ගැනයි. මෙතනට රජතුමාලයි, බැංකු මංකොල්ලකරුවෝයි අදාළ නැත. කතා කිරීමේදී අදාළ ප්‍රමිති රැකගෙන ගොන් ෂෝ නොදමා කතාකරමු.

:       1       0

ජනිත්Monday, 03 December 2018 12:57 PM

තේරුම් ගැනීමට පුළුවන් කෙනෙකු සමග තර්ක කරන්න....

:       0       0

de silva Sunday, 02 December 2018 12:51 AM

ලංකාවේ එළවලු , මාලු සහල් පොල් වැනි දේවල් වල මිල ඉතා වැඩියි , ඕක තව ටිකක් වැඩි කරහම අපි කන්නේ පස්ද? ඔබලාට වගේ පිනට තරු 5 කාම වේලක් රුපියල් 30-40 කට රජයෙන් අපිට නොලැබේ ,

:       0       63

Saththaya Sunday, 02 December 2018 01:19 AM

බලන්න මේ වගේ සමාජ සේවකයෝ , අති විශිෂ්ඨයි තමන්ගේ පුද්ගලික බූදලයෙන් වී මිල වැඩි කරන්න යනවා .

:       15       439

de silva Sunday, 02 December 2018 04:43 AM

වී මිල වැඩි වුණහම සහල් මිලත් වැඩි වෙලා අපිට බඩගින්නේ ඉන්න වෙන බව ඔබතුමාට නොතේරෙන්නේ ඇයි?

:       6       16

parakkrama Sunday, 02 December 2018 06:14 AM

මේ 2019 පෙබරවාරි , මාර්තු මාසවල ට අදාළ දෙයක් නේ. ඒ වුණාට එළවලු ගොවියාටත් ඒ වගේ මොනව හරි පොරොන්දු වෙන්න බැරිද? දැන් නම් අපට තේරෙනවා 7 වැනිදායින් පස්සේ මහමැතිවරණයට ෂුවර් පිට සූදානම් වීමට අඩිතාලම දාගෙන තියෙන බව.

:       0       7

ජනිත් Sunday, 02 December 2018 06:35 AM

ගොවියාට ගෙවන මිල වැඩි කරන එක හොදයි...... අතරමැදියන් ඒවායින් විශාල ලාභ උපයන එකයි වැරදි.

:       0       47

wasantha Sunday, 02 December 2018 07:07 AM

වී මිල රුපියල් 150 කලත් කමක් නෑ. හාල් මිල රුපියල් 80 ට තියෙන්න ඕනා.

:       17       128

kamaruddeen Sunday, 02 December 2018 12:17 PM

ඇමතිතුමාට වැටහෙන්නැති ගණිතය නම්, වී මිල වැඩි වුනොත් හාල් මිලත් වැඩි වෙනවා කියලා.

:       0       1

Anandar Sunday, 02 December 2018 02:44 PM

මේ කට්ටිය පුන්නක්කු ගැන මුකුත්ම කියන්නේ නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site