(රන්න චන්ද්‍රසේන ගමගේ)
දැනට බල පැවැත්වෙන රජයේ සහතික වී මිල ඉදිරි දින කිහිපයේදී ඉහළ දැමීමට කුටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (01) දින වලස්මුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී පැවසීය.
වලස්මුල්ල ගොවිජන බල ප්‍රදේශයේ ග්‍රාමීය ගොවීන් සඳහා දෙමුහුන් ගම්මිරිස් පැල ලබා දීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමතිවරයා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේද පැවසීය. ‘මේ රටේ වී ගොවියාට යම් සහනයක් ලබා දීමේ අරමුණ ඇතිව වී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදි වී අලෙවි මණ්ඩලය විසින් ගෙවන ලද මිල ඉදිරි දින කිහිපයේදි ඉහළ දැමීම සදහා මේ වනවිට තමන් ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් යනවා. එමෙන්ම සහතික වී මිල ඉහළ දැමීම සඳහා ජනාධිපතිතුමාගේ කැමැත්ත ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරිදින කිහිපයේදී සහතික වී මිලේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
වි මිල ඉහළ ගියද මෙ රටේ පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම කෙරෙහිත් ආණ්ඩුව මැදිහත් වෙන බව සදහන් කළ යුතුයි. ඉතිහාසයේ පලමු වරට වි අළෙවි මණ්ඩලය මගින් මිලදි ගනු ලැබූ වී සහල් බවට පත් කොට පී.එම්.බී රයිස් නමින් පසුගිය දා අපි වෙළෙඳපළට නිකුත් කළා.
මීට වසර 25ට පමණ පෙර අපේ අපනයන ක්ෂේත්‍රය තුළ කෘෂිකර්මාන්තයට සියයට 29 ක පමණ පංගුවක් හිමිව තිබුණා. එය ක්‍රමයෙන් අඩු වී ගිය අවුරුද්ද වෙනකොට එය සියයට 7.9 දක්වා අඩු වී තිබුණා. කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් මම මේ තත්වය වෙනස් කිරීම සඳහා පියවර ගනිමින් සිටිනවා. ඉදිරියේදී මෙරට ජාතික ආදායමෙන් වැඩිපංගුව කෘෂි ක්ෂේත්‍රයෙන් ලබාදීමටත් අපනයන ක්ෂේත්‍රයේ වැඩිපංගුව කෘෂිකර්මාන්තයෙන් ලබා දීමටත් කටයුතු කරනවා. මෙරට වගා කළ හැකි කිසිඳු භෝගයක් ආනයනය කිරීමට රජය කිසිඳු සහනයක් ලබා නොදෙන බවත් ඒවාට දැඩි කොන්දේසි පනවනවා මෙන්ම ඉහල බදු අය කරන බවද මෙහෙදී සිහිපත් කළ යුතුයි.‘‘ යැයි පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ඇමතිතුමා !!!!!!
එතකොට බත් කන මිනිස්සු තණ කොලද කන්නේ. එහෙනම් ඉන්දියාවෙන් හාල් ගෙනෙන එක බත් කන මිනිසුන්ට කරන ලාභයක් නේද? අපෙන් උදුරලා ගොවියන්ට දෙන්න ලැහැස්තිවෙන්න එපා. ඉන්දියාවේ සහල් නිෂ්පාදනය ලාභ වෙන්නත් අපේ සහල් නිෂ්පාදනය මිල අධික වෙන්නත් හේතු සොයාබලා ඒවාට ප්‍රතිකර්ම යොදන්න .
ලංකාවේ එළවලු , මාලු සහල් පොල් වැනි දේවල් වල මිල ඉතා වැඩියි , ඕක තව ටිකක් වැඩි කරහම අපි කන්නේ පස්ද? ඔබලාට වගේ පිනට තරු 5 කාම වේලක් රුපියල් 30-40 කට රජයෙන් අපිට නොලැබේ ,
බලන්න මේ වගේ සමාජ සේවකයෝ , අති විශිෂ්ඨයි තමන්ගේ පුද්ගලික බූදලයෙන් වී මිල වැඩි කරන්න යනවා .
වී මිල වැඩි වුණහම සහල් මිලත් වැඩි වෙලා අපිට බඩගින්නේ ඉන්න වෙන බව ඔබතුමාට නොතේරෙන්නේ ඇයි?
මේ 2019 පෙබරවාරි , මාර්තු මාසවල ට අදාළ දෙයක් නේ. ඒ වුණාට එළවලු ගොවියාටත් ඒ වගේ මොනව හරි පොරොන්දු වෙන්න බැරිද? දැන් නම් අපට තේරෙනවා 7 වැනිදායින් පස්සේ මහමැතිවරණයට ෂුවර් පිට සූදානම් වීමට අඩිතාලම දාගෙන තියෙන බව.
ගොවියාට ගෙවන මිල වැඩි කරන එක හොදයි...... අතරමැදියන් ඒවායින් විශාල ලාභ උපයන එකයි වැරදි.
වී මිල රුපියල් 150 කලත් කමක් නෑ. හාල් මිල රුපියල් 80 ට තියෙන්න ඕනා.
ඇමතිතුමාට වැටහෙන්නැති ගණිතය නම්, වී මිල වැඩි වුනොත් හාල් මිලත් වැඩි වෙනවා කියලා.
මේ කට්ටිය පුන්නක්කු ගැන මුකුත්ම කියන්නේ නැහැනේ...