(බිඟුන් මේනක ගමගේ )
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව කතානායක බලතල පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
රටම කැළඹූ මහ බැංකු බැඳුම්කර සිදුවීම ගැන දැනගැනීමට රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට අයිතියක් ඇතැයි ද ඒ අනුව කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ යැයි ද පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපති ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිත් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද (14) පැවැසීය.
අදාළ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ විවෘත නොකරන හැටියට නීතිපතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයා බැවින් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලයට වගකීමට කරු ජයසූරිය මහතා බැඳී සිටින්නේ යැයි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවධාරණය කර කීය.
මුදල් ඇමැතිවරයා හැටියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බලය ඇතත් ඔහු ද එම වගකීමෙන් මිදීසිටින්නේ යැයි කී හෙතෙම ඒ වෙනුවට අගමැතිවරයාගේ ආර්ථික උපදේශකවරයකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම වාර්තාව ගැන විවේචනාත්මක පුවත්පත් ලිපි රචනා කරමින් සිටින්නේ යැයි ද චෝදනා කළේය.
අගමැතිගේ ආර්ථික උපදේශකවරයා හැටියට කබ්රාල් මහතා කළයුත්තේ පුවත්පත්වලට ලිපි ලිවීම නොව අදාළ වාර්තාව වහාම විවෘත කර ජනතාවට ඇත්ත දැනගැනීමට සලසන්නැයි අගමැතිවරයාට උපදෙස් දීම යැයි හඳුන්නෙත්ති මහතා පැවැසීය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී අතීතයේ සිට ප්‍රශ්න හටගෙන ඇති බවට නැගෙන චෝදනා හමුවේ ආණ්ඩුව කළයුත්තේ ජනතාවට නොබියව මුහුණ දීම යැයි ද එම පියවර නොගෙන ආර්ථික උපදේශකයන් ලවා වෝහාරික විගණන වාර්තාවට තැලීම සමාන කළහැක්කේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් හැටියට යැයි ද හඳුන්නෙත්ති මහතා කීය.
ඒ අනුව අදාළ වෝහාරික වාර්තා තම බලය පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතවම ඉල්ලා සිටින්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කොහොම හෙළි කරන්නද? එකේ 2015 ට ඉස්සර වෙච්ච මහා පරිමානයේ කටයුතු ගැනත් විස්තර ඇතුලත් වෙලා කියලනේ කියන්නේ. ඕකත් හරියට අර "රන්ජන්ගේ හඬපට ප්‍රචාරය කරන එක නවත්වන්න කියල දේශපාලඥයෝයි හාමුදුරුවරුයි කියන්න පටන් අරගෙන තියෙන්නේ ඒගොල්ලොන්ගේ කතාත් පටි ගත වෙලානිසා වත්ද " කියල කියන එක වගේ තමයි ඉතින්.
අපොයි දෙවියනේ ලෝකේ ලොකුම කිල්ලෝටේ කොහොම එලියට දාන්ඩද? ඕකෙ හුණු නැත්තේ සමහරවිට ජ,වී,පෙ ට විතරක් වෙන්න පුළුවන්. බැඳුම්කරේ මොකක්ද කියලා හිතෙයි.
රුපියල් කෝටි 150ක් වියදම් කරලා වෝහාරික විගණනයක් කලේ මොකටද? කාගේ හරි කීමට මේක යට ගහන්න හදනවා නම් මෙය ජාතික අපරාධයක්... තමන් නිවැරැදි නම් කලින්ම මේ ගැන පුවත් ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව අධිකරණය ඉදිරියේ තම නිර්දෝෂීබව ප්‍රකාශ කළ හැකියි නේද? එතකොට සේවකයින්ට අයත් සේ. අ. අරමුදලටත් සාධාරණයක් ඉටුවෙනවා නේද?