(නිමල කොඩිතුවක්කු)
හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා හෝ වහාම ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15) පැවසීය.
ජීවන වියදම ඉහළ ගොස් එදාවේල කෑමට ආර්ථිකයක් නොමැති ජනතාව ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනෙහි 14වන පියවර ලෙස ගම්පහ රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරමින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පක්ෂ විපක්ෂ නායක කාර්යාලයේදී ඔහු මේ බව පැවසීය.
එහිදී රුපියල් හතළිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කළ අතර සමගි ජන බලවේගයේ අමෙරිකා එක්සත් ජනපද ශාඛාවද මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සැලසීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
එහෙමයි පුතාණෝ... එහෙමයි. ගැත්තාට අනුකම්පා කරත්වා. ඉක්මණින්ම තෙල් මිල පහත දමමි.
අඩුකළේ නැත්නම් මොකද කරන්නේ?
තෙල් නිපදවන රටවල්වල තානාපතිලට ගෙදරට එන්න කියලා, තේපැන් සංග්‍රහයක් තියලා, තෙල් ගණන් බස්සන්න කියලා ඉල්ලන්නේ නැතෙයි. අර එන්නත් ඉල්ලුවා වගේ..!
හොඳ ඉල්ලීමක්. ඒත් විපක්‍ෂ නායක හැටියට ඉල්ලීමක් ප්‍රමාණවත් නෑ. ඒක නිසා ඔය තනතුර සරත් ෆොන්සේකාට හෝ පාඨලී චම්පිකට දෙන්න.
මනුස්සයෝ, ඔය බොරු කතාවලින් වැඩක් නැහැ. පාරට බැහැලා උද්ඝෝෂණ කරපල්ලා ජනතාව වෙනුවෙන්...
"වහා" පහත දමව්...."වහා" දියව් කියමින් කෑ මොර දෙන "රතු හැට්ටකාරයෝ නොහොත් රතුචීත්ත කාරයින්ගේ" ගොන් පාර්ට් ගති ලක්ෂණ වලට ළඟ නෑකමකුත් තියෙනවා වගේ නේද? වෙනසකට තියෙන්නේ පෝස්ටර් එල්ලගෙන නැති එක විතරයි.
ඒක නේන්නම් මොවුන් අර රේල්පාරේ සිග්නල් එක වගේ ඉහළ දාගත්තු ගමන්මනේ ඉන්නේ...
මංගල සමරවිර යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති කාලයේ මිල සුත්‍රයක් අටවාගෙන සෑම මාසයකම මිල වැඩි කරද්දි ඒ ආණ්ඩුවේ ඇමැතිවරයෙකු ලෙස ඔබ කී වාරයක් "වහාම මිල අඩුකරනු" යැයි කියා තිබේද?. එසේ කියා කී වාරයක් මිල අඩු කරවා තිබේද?
අපේ ආච්චිලා, සීයලා කරත්තෙන් සිරීපාදෙ ගියා. කතරගම ගියා. ඇයි අපිට බැරි? පිරිමි ගවයින්ගෙන් ප්‍රයෝජනයක් නැතිවීම දැනට ලංකාවේ තියෙන විශාල ප්‍රශ්නයක්... අපිට කරත්ත ටිකක් විතරයි හදාගන්න ඕන. බාස්ලා ඕනෑතරම් රටපුරා ඉන්නවා. මොලෙන් කල්පනා කරනවා නම් ටැක්සි වුණත් පටන්ගන්න පුළුවන්...
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.