
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ වටිනා වාහන 1064ක් ෆ්‍රීසර් ට්‍රක් රථ ලෙස රට තුළට පැමිණීමෙන් රුපියල් කෝටි ගණනක විශාල බදු ආදායමක් අහිමිව ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි .
මෙම වාහන මේආකාරයට ගෙන්වා ඇතැයි පැවසෙන්නේ 2020-2021අතර කාලයේදීය .
මේ සම්බන්ධයෙන් එම කමිටුව මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත.
ෆ්‍රීසර් ට්‍රක් රථ නිදහස් කරන අවස්ථාවේදී ඒවායෙහි ආකාරයෙන්ම ලියාපදිංචි කරන ලෙස රේගුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දීමේ ක්‍රමවේදයක් අලුතින් ආරම්භ කර ඇතැයි එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ හොරුන්ගේ පාරාදීසයක...