(නිමල කොඩිතුවක්කු)

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවතින රථවවාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම්, උමං පදික මාරු, ගුවන් පදික මාරු ඉදිකිරීමේ විශේෂ  වැඩපිළිවලක් මේ වසර තුළ ක‍්‍රියාත්මක කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මෙයට අමතරව  මාර්ග තදබදය පවතින ප‍්‍රදේශ මගහැර වෙනත් ප‍්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිලිවලක් ක‍්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කොහුවල, බාලදක්ෂ මාවත, උත්තරානන්ද මාවත සහ විනිසුරු අක්බාර් මාවත යන ප‍්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹ දිස්ත‍්‍රික්කයට අමතරව කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත‍්‍රික්කයේ ගැටඹේ ප‍්‍රදේශයේ ගුවන් පාලම් ඉදිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා ස`දහන් කළේය.