IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වාහන ගෙන්වන දවස් මහ බැංකු අධිපති කියයි

 

 

(යොහාන් භාසුර)

රට තුළට විදේශ විනිමය සාමාන්‍ය පරිදි ලැබීම ආරම්භ වීමෙන් පසුව නැවත වාහන ආනයනය කිරීමට අවසරදීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (12) පැවසීය.

වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කරන බව කී මහ බැංකුවේ අධිපතිවරයා ඒ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බව ද සඳහන් කළේය.

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් නැවත ලැබෙන සංචාරක කර්මාන්තය වැනි කර්මානත යථාතත්වයට පත්වීමෙන් පසුව ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන ස්ථාවර බව හරහා යළි රථවාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදිය හැකියාවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීය.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.



අදහස් (10)

වාහන ගෙන්වන දවස් මහ බැංකු අධිපති කියයි

fairoos Wednesday, 12 January 2022 05:37 PM

එහෙනම් තවත් අවුරුදු 3ක් ඉන්න වෙයි.

:       8       34

BamunuarachchiWednesday, 12 January 2022 07:08 PM

ඇයි ඔයාලා මෙරටට ආවේ වාහන වලින්ද?

:       0       0

BamunuarachchiThursday, 13 January 2022 08:03 AM

අනේ හොඳ බෝට්ටුවක් දෙන්නම් ආපු විදිහටම යන්න. අවුරුදු 3 අපේ බදු ඔහෙලා වෙනුවෙන් වියදම් කරන්න බැහැ.

:       0       0

යෝගා Wednesday, 12 January 2022 07:07 PM

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවත් දැඩිව සීමා කරන්න. එහෙමයි දැන් දියුණු රටවල් හැදුනෙ

:       0       0

Bamunuarachchi Wednesday, 12 January 2022 07:09 PM

රට ඩොලර් වලින් උතුරා යනතුරු වාහන ගෙන්වන්න එපා.

:       0       0

Raveendra Wednesday, 12 January 2022 08:38 PM

හුරේ....

:       0       0

Rohana Wednesday, 12 January 2022 10:13 PM

විදේශ සංචිත ඉහල ගියොත් වාහන ආනයනය කරන්න පුළුවන් කියලයි මේ කියන්නෙ. ප්‍රශ්නය වන්නේ විදේශ සංචිත ඉහල යන්නේ කවදාදැයි කිසිකෙනෙකුට පැවසිය නොහැකි වීමයි.

:       0       0

Kumara Wednesday, 12 January 2022 11:02 PM

වහල්ලු නම් පලිගනී

:       0       0

MO77 Thursday, 13 January 2022 06:51 AM

දැන් මිනිස්සු ඩොලර් එවන්නේ නැහැ. එවන මිනිස්සු උන්ඩියල් ක්‍රමයට එවන්නේ. ඩොලර් බැංකුවලට එන්නෙ නෑ.

:       0       0

de silva Thursday, 13 January 2022 10:09 AM

ටයිල් ආනයනය නවත්වලා තියෙන්නේ ඇයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site