IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේ දී මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම්  බලපත්‍ර නිකුත් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කොමසාරිස් කාර්යාලයේ සේවකයකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ  ගාල්ල ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ මුදල් කව්ළුවේ සේවය කළ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් රසිකා උපේන්ද්‍ර ඉද්දමල්ගොඩ දිසානායක මහත්මිය විසින් ගාල්ල පොලිසිය වෙත කරන ලද් පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

කොමසාරිස්වරියගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ 2018 අගෝස්තු සිට 2019 සැප්තැම්බර් දක්වා වසරක කාල සීමාව තුළ සැකකරු‍ මෙම වංචාව කර ඇති බවයි.

වෑන් රථයක හිමිකරුවකු ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ පසුගිය වසරේ ආදායම් ඉදිරිපත් නොකර නිසා රුපියල් 5040 ක දඩ මුදලක් ගෙවිය යුතු බවයි. ඒ අනුව ඔහු එම මුදල ගෙවා ආදායම් බලපත්‍රය ලබාගෙන ඒ පිළිබඳව කොමසාරිස්වරියට ලිඛිතව දන්වා තිබේ.

සැකකරු අද (14) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (3)

වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේ දී මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 14 October 2019 11:05 AM

මේක සුලු දෙයක්. කොළඹ වේරහැරට ගිහින් බලන්න. නිලධාරීන් සල්ලි අරගෙන කරන දේවල්. සාමාන්‍යයෙන් බලපත්‍රය සඳහා අවශ්‍ය මුදල් ගෙවිය යුත්තේ අයකැමිටය. නමුත් මෙහි අයකැමි කවුන්ටර් කිහිපයක්ම තිබුනත් අයකැමිට මුදල් නොගෙවා නිලධාරීන්ගේ ලාච්චුවට මුදල් දී බලපත්‍ර මෙහිදී ලබා ගත හැකිය. මා මීට අවරුදු කිහිපයකට පෙර දුටු දෙය මෙසේ කියන්නෙමි.

:       0       8

මොහමඩ් රිස්වාන් සව්දි අරාබියMonday, 14 October 2019 11:41 AM

මං දැකලා තියෙනවා. අපේ වැඩ ටික කරගෙන අපි එනවා. බ්‍රෝකර්ලා ගේට්ටුවෙන් එළියේ ඉඳලා ඇතුලේ ඉන්න නිලධාරීන්ට කෝල් කරලා කට්ටිය යවනවා. නිලධාරීන් ලඟට ගිහින් ඒ බ්රෝකර්ලාට කෝල් කලාම වැඩේ නිකම්ම කෙරෙනවා.

:       0       3

Rohana Monday, 14 October 2019 12:17 PM

හොරෙන් පොඩි පොඩි අල්ලස් දෙමින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම අපේ සිරිතක් වෙලා. මේවා දැන් සමාජයේ පැලපදියම් වෙලා අවසන්. මහජනතාවත් කල්පනා කරන්නේ අනවශ්‍ය රස්තියාදුවක් නැතිව ලේසියෙන් තමන්ගේ වැඩේ කර ගැනීම මිසක් නීති රීති කතා කිරීම නෙමේ. අලුතෙන් බලය ඉල්ලන ජනාධිපතිවරුන්ගෙන් මම ඉල්ලන්නේ රාජ්‍ය ආයතනවල මෙවැනි අල්ලස් ගැනීම වැලක්වීමට ක්‍රමවේදයක් සකසා මහජන සේවයේ විනිවිදභාවය රැකදෙන ලෙසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 197 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site